වල්ලාපට්ටා පිටරට යැවීමට අනුමැතිය

    July, 16, 2015

    වල්ලාපට්ටා ශාඛ වාණිජ වශයෙන් නීත්‍යාණුකූල ලෙස වගාකර නිසි අවසරයකින් යුතුව අපනයනය කිරීමට රජය විසින් අවසර ලබාදී තිබේ.

    මේ අනුව, වාණිජ කාර්යන් සඳහා වවනු ලබන මෙම ශාඛ අදාළ බළධාරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් මත සන්තකයේ තබා ගැනීම සඳහා සහ ප්‍රවාහනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ආදාළ පාර්ශවයන් වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ එකඟතාව ඇතිව සකස් කරන ලද ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් අනුමැතිය ලබාදී ඇත.

    රජය සඳහන් කරන්නේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව තිබෙන මෙම ශාඛය සුරැකීම සඳහා අවශ්‍ය පියවරයන් දැඩි ලෙස බලාත්මක කරන බවයි.

    මේ වනවිට, හොර රහසේ වල්ලාපට්ටා පිටරට යවනු ලබන්නේ මේ තුළින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව තිබෙන නිසයි.