වසරේ නැගී එන ඉස්ලාමික මුල්‍ය ආයතනය ලෙස  Orient Finance  රන් සම්මාන දිනාගනී  

    September, 11, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන Orient Finance මෑතක දී පැවැතිිී ‘Sri Lanka Islamic Banking and Finance Industry Awards’ සම්මාන උළෙලේ දී ලබාගත් ජයග්‍රහණ අභිමානයෙන් සමරයි. ආයතනයේ Alternative Finance Business Unit (AFBUව්‍යාපාර අංශය විසින් Emerging Islamic Finance Entity of the Year සඳහා රන් සම්මානය සහ Digital Marketing Campaign of the Year සඳහා කුසලතා සම්මානය තමන් සතු කරගැනීමට සමත් විය. ඉස්ලාමික මුල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍ය සහ ඉහළ ගුණාත්මකත්වයෙන් යුතු සේවාවන් ස්ථාපිත කිරීම වෙනුවෙන් AFBU අංශය දැක්වූ කැපකිරීම මෙම ඇගයීම තුළින් මනාව පැහැදිළි වෙයි.

    Orient Finance  ආයතනයේ විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) වසරේ නැගී එන ඉස්ලාමික මුල්‍ය ආයතනය ලෙස ඇගයීමට ලක්වීම, එම ඒකකය ස්ථාපිත කර පැමිණි වෘත්තීය ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයකි. ආයතනය ලබාගත් මෙම සාර්ථකත්වයට හේතු වූ සංකල්ප කිහිපයක් තිබේ. ඉස්ලාමික මුල්‍ය මූලධර්ම එලෙසින්ම පවත්වා ගැනීමට කළ කැපකිරීම, ආචාරධාර්මික වීම සහ ශරීයා මුල්‍ය වත් පිළිවෙත් අනුගමනය කිරීම, මුල්‍ය සේවා ව්‍යාප්තිය සාර්ථකව සිදුකිරීම, පුද්ගලයන් සහ සිය ආයතනික කණ්ඩායම් වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික ආයෝජනය, ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීම උදෙසා සිදුකළ අප්‍රතිහත කැපකිරීම සහ පාරිභෝගිකයන්ගේ සියලුම මුල්‍ය අවශ්‍යතා මනාව ඉටුකර ගැනීමට හැකියාව ඇති නිපැයුම් සහ සේවා පරාසයක් පවත්වා ගැනීම ආදිය මෙම සංකල්ප වෙයි. මෙම ප්‍රයත්නයන් හේතුවෙන් වසර දෙකකට අඩු කාලයක් තුළ වඩාත් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට ආයතනය සමත් වූ අතර ඉජාරා මුල්‍ය ව්‍යාපාර තුළින් මිලියන 600කට වැඩි අගයක් සහ වකලහ කාලීන ආයෝජන තුළින් මිලියන 500කට වැඩි මුල්‍ය අගයක් අත්පත් කරගැනීමට සමත්විය.

    වසරේ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයට හිමි කුසලතා සම්මානය තුළින් නිර්මාණාත්මක අන්තර්ගතයන් බෙදාගැනීම, උපායමාර්ගිකව ඉලක්කගත දැන්වීම් සහ නව්‍ය ප්‍රචාරණ දැන්වීම් නිර්මාණය ආදී ක්‍රියාමාර්ග ඇගයීමට ලක්විය. තවද විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ (AFBU) නිෂ්පාදන විශේෂාංග පිළිබඳව නිතිපතා සන්නිවේදන කිරීම, ආයතනික අනුකූලතා වලට අනුගත වීම, නිවැරදි ඉලක්කගත කණ්ඩායම් වෙත ළඟාවීම ආදී සන්නිවේදන ක්‍රමවේදයන් ද මෙහිදී සැලකිල්ලට භාජනය කර තිබේ.

    අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වූ Orient Finance ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා;“ඉස්ලාමික මූලධර්ම අනුව ඉතා උසස් මුල්‍ය සේවාවක් ලබාදීම වගේම අපේ පාරිභෝගිකයන්ට ආචාරධාර්මිකව සහ වගකීමක් සහිතව මුල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් අප කළ කැපකිරීමට ලැබුණු මෙම වටිනා සම්මාන අපට ලැබුණු ගෞරවයක් වගේම අපට ඉතාම සතුටක්. මම මගේ ගෞරවය තමන්ගේ මුල්‍ය සේවා ඉටුකර ගැනීම වෙනුවෙන් අපව විශ්වාස කරමින් අප සමග රැදෙන අපේ ආදරණීය පාරිභෝගික ජනතාවට ලබාදෙනවා. එසේම ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපකිරීම් කළ ඒකකයේ ප්‍රධානී ඉෆාත් ශූහුරි ප්‍රමුඛ විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ සියලු දෙනාටම මගේ හදපිරි ප්‍රණාමය පුදකරන්නත් කැමතියි. අපේ පාරිභොගිකයන්ගේ ජීවන අගයන් සහ විශ්වාසයන්ට අනුගතවන සහ නවීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මුල්‍ය විසඳුම් ලබාදීමට අප සැමදා කැපවෙනවා.”  

    තම පාරිභෝගිකයන්ගේ නිශ්චිත මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද මුල්‍ය සේවා ලබාදීමට Orient Finance සැමදා කටයුතු කරයි. මෙම සේවා අතර ජංගම තැන්පතු සේවාව, ඉතුරු කිරීමේ ගිණුම්, ලීසිං පහසුකම්, රන් ණය, විකල්ප මුල්‍ය විසඳුම්, ආයතනික මුල්‍ය සේවා ඇතුළු සේවා රැසක් අයත් වෙයි.

    මුල්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 42ක පළපුරුද්ද සමග මුල්‍ය ස්ථාවරත්වය, මුල්‍ය ශක්තිය, විශ්වාසනීයත්වය සහ විශේෂඥතාවය ඇති ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුගේ භුමිකාවක්  Orient Finance PLC  ඉටුකර තිබේ. නව්‍යකරණයට ප්‍රමුඛත්වය දෙමින් පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් මුල්‍ය සේවා සපයන්නෙකු ලෙස සිය අභිමානය සහ ආයතනික පිළිබිඹුව ස්ථාපිත කරගැනීමට Orient Finance PLC සමත් වී තිබේ. මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතනයක් වන Orient Finance PLC ආයතනය LRA මගින් BB+ (stable) ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තිබේ.