වසර අටකට පසුව ඕස්ට්‍රියානු යානා යළිත් ලංකාවට

    August, 26, 2015

    ඕස්ට්‍රියානු ගුවන් සේවය ලබන ඔක්තෝම්බර් 27 වනදා සිට සතියකට වරක් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් අරඹන බවත් දෙරට අතර යළිත් සෘජු ගුවන් ගමන් ඇරඹෙන්නේ වසර 08 කට පසුව බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා කියයි.

    මේ තුළින් මෙරට සංචාරක ව්‍යාපාරයට වාසි අත්වනු ඇති බවත් මිලියන 8.5 ක් පමණ වන ඕස්ට්‍රියානු ජාතිකයින් මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරක අත්දැකීම් ලැබීමට වැඩි කැමැත්තක් දක්වන බවත් සඳහන්ය.

    2014 වසර තුළදී විදේශීය ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු තුළින් කටුනායක ගුවන් තොටුපොළට රුපියල් මිලියන 13.6 ක ආදායමක් ලැබී ඇත.

    දෙරට අතර යළිත් සෘජු ගුවන් ගමන් ඇරඹෙන්නේ 2008 ජනවාරි 24 වනදායින් පසුවයි.

    ඕස්ට්‍රියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගුවන් ගමන් කාල සටහන මෙන්න! Os