ව්‍යාපාරික මගීන්ට වැඩි වටිනාකමක් ලබා දීමට එමිරේට්ස් ආයතනික ලෝයල්ටි වැඩසටහන අළුත් කරයි

    September, 23, 2016

    ව්‍යාපාරික මගීන්ට වැඩි වටිනාකමක් ලැබෙන පරිදි නවාංග එකතු කරමින් ‘එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස්’ නැමති එමිරේට්ස් ගුවන් සමාගමේ ආයතනික ලෝයල්ටි වැඩසටහන සමාගම විසින් නවීකරණය කර තිබේ. නව වැඩසටහන වඩාත් සරල සහ තරඟකාරී කර තිබෙන අතර අවසාන මොහොතේ ප‍්‍රවේශපත් වෙන්කර ගන්නා අවස්ථාවන් වල වුවද ආසන සඳහා ලකුණු හිලව් කර ගැනීම හෝ එකතු කර ගැනීම පහසුවෙන් සිදුකර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

    අළුතින් වැඩි දියුණුකර තිබෙන වැඩසටහනේ ප‍්‍රධානතම අංගය වන්නේ බිස්නස් රිවෝඞ්ස් ලකුණු භාවිතා කරමින් වෙන් කර නැති ඕනෑම ආසනයක් ඉතාමත් පහසුවෙන් වෙන්කර ගැනීමට අවස්ථාව ලැබීමයි. සිය ආයතනික ලෝයල්ටි වැඩසටහන යටතේ මේ ආකාරයෙන් පහසුකම් සැලසූ කළාපයේ පළමු සහ එකම ගුවන් සමාගම එමිරේට්ස් වන අතර ඒ තුළින් ව්‍යාපාරික ගුවන් ගමන් සඳහා පිරිවැය සඵලතාවය වර්ධනය කිරීමට සමාගම කටයුතු කර තිබේ.

    එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයේ ව්‍යාපාරික මගීන් සහ තීරකයින් 800 කට වැඩි පිරිසක් යොදාගනිමින් ව්‍යාපාරික සංචාර පිළිබඳ ඔවුන්ගේ දැක්ම සහ හැසිරීම සම්බන්ධයෙන් එමිරේට්ස් විසින් මෑතකදී ස්වාධීන සමීක්ෂණයක් සිදුකරන ලදී. මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල මගින් නැවත වතාවක් පිරිවැය සඵලතාවයෙන් යුක්ත වඩාත් නම්‍යශීලි ආයතනික ගුවන් ගමන්වල අවශ්‍යතාවය අවධාරණය කෙරුණු අතර එම අවශ්‍යතාවයන් ‘එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස්’ වැඩසටහනේ නවාංගයන්ට ඇතුළත් කර තිබේ. මෙහිදී ගුවන් සමාගමක් තෝරා ගැනීමේදී ප‍්‍රධාන සාධක තුන පිළිබඳව කරන ලද විමසීම් වලින් තහවුරු වූයේ 30%ක් ගුවන් ගාස්තුවදල 26%ක් ගුවන් ගමන් කාලසටහනදල 23%ක් ගෙවන මුදලට ලැබෙන වටිනාකම පිළිබඳවද සැලකිලිමත් වන බවයි.

    එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස් වැඩසටහන මගින් ව්‍යාපාරික මගීන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ සිතැඟි පරිදි ඉටුකරන අතර ඕනෑම ප‍්‍රමාණයේ ආයතන, පුණ්‍යායතන සහ සංගම් ඉලක්ක කරගනිමින් අගය එකතුකළ ප‍්‍රතිලාභ ප‍්‍රදානය කරනු ලබයි. මීට අමතරව, එකතු කර ගන්නා බිස්නස් රිවෝඞ්ස් ලකුණු ඕනෑම ආසනයක් වෙන්කර ගැනීමේදී හිලව් කිරීමට මෙහිදී අවස්ථාව ලබාදී තිබෙන අතර බිස්නස් රිවෝඞ්ස් ලකුණු එකතු කර ගැනීමට සහ හිලව් කිරීමට ඉහළ නම්‍යතාවයක් මෙහිදී හිමිවේ.

    මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාරික මගීන් වැඩි ප‍්‍රමාණයක් සෘජුවම ගුවන් සමාගම් සමග සම්බන්ධ වෙමින් ව්‍යාපාරික සංචාර සඳහා ටිකට් පත් අන්තර් ජාලය ඔස්සේ වෙන්කර ගනී. කුඩා ආයතන වුවත් අන්තර්ජාලය ඔස්සේ සෘජුවම ගුවන් ටිකට් පත් වෙන්කරවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර ඔවුන්ගේ ආයතනික ගමන් ටිකට් පත් වෙන්කරවා ගැනීම් වලින් 50% කට වැඩි ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් වෙන්කරවා ගනී. ටිකට් පත් වෙන්කරවා ගැනීමේ තුන්වන පාර්ශවයේ නියෝජිතයින් මත රැුඳීම අඩුකරමින් එමිරේට්ස් බිස්නස් රිවෝඞ්ස් විසින් ව්‍යාපාරික මගීන්ට ඉතාමත් පහසුවෙන් භාවිතාකළ හැකි ආකාරයෙන් සිය අන්තර්ජාල ටිකට් පත් වෙන්කිරීමේ පහසුකම ශක්තිමත් කර තිබේ. මේ අනුව, සේවකයින් සඳහා සේවා වෙන්කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන අංගයන් මෙන්ම වැඩසටහන තුලින් මේ දක්වා ලබා තිබෙන ඉතිරි කිරිම් නිරික්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන අංගයන් මෙයට ඇතුළත් කර ඇත.

    මීට අමතරව, ආයතනයේ ප‍්‍රමාණය ගැන නොසලකා හරිමින් ලියාපදිංචි වීම ඉතාමත් සරල කර තිබේ. මෙහිදී, ‘Guest Traveller’ නැමති නවාංගයක් එකතු කර තිබෙන අතර මේ තුළින් ආයතනයේ නොවන උපදේශකයෙකු හෝ සේවාදායකයෙකු ආයතනය වෙනුවෙන් සිදුකරන සංචාර වලදී බිස්නස් රිවෝඞ්ස් ලකුණු එකතු කර ගැනීමේ අවස්ථාව පිරිනමා ඇත.

    නිෂ්පාදන කර්මාන්ත, තෙල් සහ ගෑස්, වෙළඳාම සහ තොරතුරු තාක්ෂණය යන ප‍්‍රධාන අංශ වෙත මෙම වැඩසටහන මගින් අඛණ්ඩව වටිනාකම් සහ සේවා ලබාදෙන අතරම සරල ක‍්‍රමවේදය සහ අසීමාන්තික සේවක ලියාපදිංචිය ඉදිකිරීම් කර්මාන්තය වැනි විශාල ශ‍්‍රමබලකායක් සහිත අනිකුත් කර්මාන්ත සඳහාත් පුළුල් කර තිබේ.

    එමිරේට්ස් විසින් ඩුබායි සිට මහද්වීප හයට අයත් ගමනාන්ත 150 කට වැඩි ප‍්‍රමාණයක් වෙත සෘජු ගුවන් ගමන් ක‍්‍රියාත්මක කරයි. සියළුම ගුවන් ගමන් පන්තීන් වලදී සමාගම විසින් පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළ වටිනාකමක් පිරිනමන අතර පළමු පන්තියේ මගීන් වෙත සුඛෝපභෝගී පුද්ගලික ගමන් කුටි පහසුකම, ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත නම්‍යශීලි ඇඳන් පහසුකම සහ A380 ගුවන් යානය තුළ තිබෙන සුවිශේෂී නිදහස් අවකාශ පහසුකම පිරිනමයි. මීට අමතරව, ඉකොනොමි පන්තියේ මගීන් වෙත ආසන වලට සවිකළ අඟල් 13.3 ක පුළුල් තිර වලින් යුතු විනෝදාස්වාද නාලිකා 2,500 කට වැඩි ගණනකින් සමන්විත විනෝදාස්වාද අත්දැකීම ලබාදෙන අතර භාෂා 60 කට වැඩි ගණනක් කතා කරන ඉහළ සේවාවක් ලබාදෙන සේවක මඩුල්ලක් මෙම ගුවන් යානා තුළ සේවයේ යෙදී සිටී.

    වැඩි තොරතුරු දැන ගැනීම සඳහා emirates.com/businessrewards වෙත පිවිසෙන්න

    එමිරේට්ස් ගුවන් සේවාව මඟින් වැඩිදියුණු කරන ලද එමිරේට්ස් ‘බිස්නස් රිවෝඞ්ස්’ නැමති ආයතනික ලෝයල්ටි වැඩසටහන තවත් වටිනා අංග රැුසක් සමඟින් ව්‍යාපාරික මගීන් හට ලබා දීමට කටයුතු යොදා ඇත.