වාණිජ වාහන සහ බස්රථ ආනයනය කිරීමේ රෙගුලාසි පිළිබඳ සමබර ප්‍රවේශයක් සඳහා CMTA අවධානය

    August, 23, 2023

    දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA,  වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් තිරසාර ප්‍රවේශයක ඇති අවශ්‍යතාවය අවධාරණය කරයි.

    කාර්තුවලින් ක්‍රම ක්‍රමයෙන් අඩු වන ඉහළ තීරු බදු සහිත වාණිජ වාහන සහ යතුරු පැදි ආනයනය කිරීම නැවත හඳුන්වා දීමේ යෝජනාවක් CMTA විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදී. තොග වශයෙන් වාහන ආනයන නොකරඉල්ලුමට සරිලන ලෙස පමණක් වාහන ආනයන කරන බැවින් විදේශ මුදල් පිටතට ගලා යාම නියාමනය කිරීම මෙම යෝජනාවෙන් අරමුණු කරයි.

    වසර 10ක් තෙක් පැරණි බස් රථ ආනයනය කිරීමට ඉඩ සලසන නව ප්‍රතිපත්තිය පිළිබඳව CMTA සිය අදහස් පළ කර ඇත. නව ප්‍රතිපත්තිය පැමිණීමට ප්‍රථම ආනයනය කළ හැකි වූයේ වසර 05ක් පැරණි වාහන පමණකි. මෙසේ වසර සීමාව වෙනස් කිරීමෙන් පසු මෙම බස් රථ මිල දී ගැනීමේ මූලික අවස්ථාවේ දී බස් රථවල පැරණි බව නිසා මිළ ගණන් අඩු විය හැකි වූවත් ඉදිරි වසරවල දීවාහන නඩත්තු කිරීම හා වාහනවල අමතර කොටස් සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදු වනු ඇත. මෙරට විදේශ විනිමය රටට අහිමි වීමට හේතු විය හැකි මෙවන් කෙටි කාලීන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී සුපරික්ෂාවට ලක් කර නැවතත් ඒ පිළිබඳව සළකා බැලිය යුතු බව  CMTA නිර්දේශ කරයි.

    සාමාන්‍යයෙන් වසර 10ක් හෝ ඊට පැරණි බස් රථ කිලෝමීටර මිලියන 1ක්  දළ වශයෙන් ආවරණය කර ඇත. එය වසරකට කිලෝමීටර් 100,000කට සමාන වේ. වසර 10ට වඩා පැරණි බස් රථවල පාරිසරික හා ආරක්‍ෂිත බලපෑම්මාර්ගවල ගමන් කිරීමට ඒවාට ඇති යෝග්‍යතාව පිළිබඳව හා විශේෂයෙන්ම එම බස්‍ රථ නිසි ලෙස පරීක්‍ෂා නොකළ හොත් මතු විය හැකි  ගැටලු පිළිබඳව CMTA  පෙන්වා දෙයි.

    තවදපැරණි වාහන ආනයනය කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම වාහන ආනයනකරුවන් හෝ විකුණුම්කරුවන් හට ප්‍රතිලාභ ලැබීමට ඇති හැකියාව වැඩි බව ද CMTA පෙන්වා දෙයි. මෙම ආයතනවලට අඩු මිලට වාහන ලබා ගැනීමට හැකි අතරවර්තමානයේ පවතින  ඉහළ ඉල්ලුම අනුව ඒවා ක්‍රියාකරුවන්ට / ඒජන්තවරුන්ට  නැවත විකිණීමේ දී ඒ හරහා ඔවුන්ගේ ලාභ වැඩි කර ගැනීමට ද ඉඩකඩ පවතියි.

    මීට අමතරවමෙම වාහන නැවත අලෙවි කිරීමට පෙර,  එතෙක් වාහනය ධාවනය කර ඇති සැතපුම් ප්‍රමාණය වෙනස් කිරීමේ අවදානමක් ද පවතියි. මෙය ප්‍රතිපත්තියක් ලෙස ගෙන පරීක්ෂාවට ලක් නොකළ හොත් මේ තත්වය මෙරට තුළ වඩාත් ව්‍යාප්ත විය හැකි බවට CMTA  දැඩි විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙයි.

    සියලුම පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ සැලසෙන ලෙස අදාළ බළධාරීන් විසින් නිසි පූර්වාරක්ෂාවන් ගැනීම හා තිරසාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙසට CMTA නිර්දේශ කරයි.

    Photo Caption - විරාන් ද සොයිසා, ජ්‍යෙෂ්ඨ උප සභාපති - සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA)