February, 6, 2024
පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන පාලන නීති ලිහිල් කළ යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස බවත්, නිදසුනක් ලෙස මෝටර්රථ වාහන ආනයනයට කාලෙකට අවස්ථාව නොලැබෙනු ඇති බව තමන් පුද්ගලිකව සිතනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී, විදේශ විනිමය සීමාකිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කැබිනට් තීරණය පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ ටික මං හිතන්නේ මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි අවසර ගත්තේ, ඒ ලිහිල් කරන්නේ කවර රෙගුලාසිද කියලා. මම කලින් සඳහන් කළා මේ තිබෙන විදේශ විනිමය අර්බුදය තුළ අදියරගතව, ඉතාම සැලසුම් සහගතව, සූක්ෂම ලෙස තමයි ආනයන පාලන නීති ලිහිල් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොටර් රථ වාහන යනාදිය ආනයනය කරන්න තව කාලයකට පුළුවන්කම ලැබෙයි කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ. එය ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අනෙක් ආයතන විසින්, මේ ලිහිල් කිරීම එක එක කොටස් වශයෙන් කෙරෙන ටික පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒ අනුව ඒ දැනුම් දීම සඳහා තමයි කැබිනට් අනුමැතිය ලබා ගත්තේ.
අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.
Video Story