වාහන මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

    April, 24, 2024

    නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

    මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීම සිදු කිරීමට නියමිතය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශවවල වගකීම බවයි.