වාහන සඳහා සුඛෝපභෝගී බදු අය කෙරෙන්නේ මෙහෙමයි

    January, 4, 2023

    දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දී 2019 ඔක්තෝබර් ඔක්තෝබර් 31 දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක සඳහන් වූයේ 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්දක් අය කරන බවයි.

    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිශ්චිතව සඳහන් කරන ලද යම් මෝටර් වාහනයක් මත පනතට අනුව ගෙවිය යුුතු සුඛෝපභෝගී බද්ද අදාළ මෝටර් වාහනය ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගනු ලබන අවස්ථාවේ දී, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් විය.

    මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව පසුගිය 2022 දෙසැම්බර් 31 දින මුදල් පනත යටතේ නිකුත් කළ රජයේ නිවේදනයක සඳහන් වන්නේ 2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි එහි ඇතැම් කරුණු ආදේශ වන බවයි.

    2019 ඔක්තෝබර් 31 දින නිකුත් කරන ලද එම සම්පූර්ණ අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.