වැඩිපුර ණයවීමට සූදානම් වන්න

    February, 8, 2014

    මහ බැංකුවේ බලාපොරොත්තුව මේ වසරේදී පුද්ගලික අංශය වැඩිපුර ණය කිරීමටයි. ඒ ආකාරයෙන් පැවසූ විට යම් උපහාසයක් තිබුණද පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය කිරීමේ වැදගත් කමක් තිබේ. එනම් ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කරමින් ආර්ථික වර්ධනය වැඩි කිරීම සඳහා පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය කළ යුතු නිසාවෙනි.

    මේ අනුව, මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ මෙරට පුද්ගලික අංශය 2013 වසරේදී බැංකු ක්‍රමයෙන් ලබාගත් සියයට 08 ක ණය ප්‍රමාණය මේ වසරේදී සියයට 16 ක් දක්වා දෙගුණයකින් වර්ධනය කිරීමටයි.

    මේ අතර, මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 7.8 ක් සහ උද්ධමනය සියයට 05 ක යන සීමාවට ගෙන ඒමටයි.

    ණය වර්ධනය කිරීමේ අරමුණෙන් මේ වනවිට බැංකුවල පොලී අනුපාත තීරණය වන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නොදැමීමේ පිළිවෙතකට මහ බැංකුව පැමිණ සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates