විදුලි බිල වැඩි කිරීම IMF කොන්දේසියක් – ඇමති නිමල් සිරිපාල

    January, 4, 2023

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලක් මෙරට රජයෙන් ඉල්ලා ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ අද වනවිට විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ද මෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් විසින් පනවා ඇති මෙම කොන්දේසි නිසා බවයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (05) කටුනායක, බණ්රඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණිමේ පර්යන්තයේ නවීකරණය කළ තීරු බදු සහිත සාප්පු සංකීර්යණය විවෘත කිරීමේ උත්සවය ඇමතූ අවස්ථාවේදීයි.

    "ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපෙන් ඉල්ලා සිටිනවා අපේ ආර්ථිකය ප්‍රතිව්‍යූහගතකරන වැඩපිලිවෙලක්. සහනාධාර බැහැ කියන කොන්දේසි වලට අපි යටත් වෙන්න ඔ්න. එහෙම යටත් වුනේ නැත්තම් ඒ්වට එකඟ වුනේ නැත්තම් අපිට ඒ් අවශ්‍ය ණය මුදල ලැබෙන්නෙත් නැහැ. ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නෙත් නැහැ. අද විදුලි බිල අපිට වැඩි කරන්න වෙලා තියෙන්නේ අන්න ඒ් කාරණය නිසා. අපි මේක කැමැත්තෙන් කරන එකක් නෙවෙයි. නිකන් දෙනන් පුළුවන්නම් දේශපාලනඥයෝ කැමතිනේ ඉතින්. කවුද අකමැති. නමුත් එහෙම දෙන්න බැහැ. එහෙම දුන්නොත් ජාත්‍යන්තරය මේ ආධාර ලැබෙන්නේ නැහැ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න වෙන්නෙත් නැහැ."