විදෙස්ගත ශ්‍රමිකයෝ මාස 03ක් තුළ ඩොලර් බිලියන 1 1/2 ක් එවති

    April, 8, 2024

    2024 මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 572.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 මාර්තු මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 568.3 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    මේ අනුව 2024 පළමු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,536.1 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙය 2023 පළමු කාර්තුවේ වාර්තා වූ තිබුණු ඩොලර් මිලියන 1,413.2 ක විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකමට වඩා 8.7% ක් වර්ධනයක් වේ.