• Ada Derana BIZ Sinhala
  • Foreign Minister
  • Saudi Arabia
  • sri lanka
  • today

විදෙස් ඇමති අද සෞදියට

January, 23, 2023

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා අද (23) සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත. අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත ය.