විදෙස් සංචිතය ඩොලර් බිලියන 4 1/2 මට්ටමට ළඟා වෙයි

    February, 7, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,491 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    එය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2024 ජනවාරි මාසය තුළ දී 2% ක් වර්ධනයක් වාර්තා කර ඇති අතර එය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,336 සිට 2024 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,422 ක් දක්වා  වැඩි වී ඇත.