විශාලම රාජ්‍ය බැංකු දෙකේ 20%ක කොටස් මහජනතාවට

    November, 13, 2023

    ශ්‍රී ලංකාවේ විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි තමා යෝජනා කරනු ලබන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද කියා සිටියේය.

    “බැංකු අංශයේ ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරනවා. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කිරීම සඳහා ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි මා යෝජනා කරනවා.

    රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැත්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නී ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති අතර එය 2024 වසරේ මුල් භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.