විෂන් කෙයා නව අම්පාර ශාඛාව සමඟින් නැගෙනහිර පළාතට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර රැගෙන යයි

    June, 21, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය නැගෙනහිර පළාතට පිවිසෙමින් එහි නවතම ශාඛාවක් අම්පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කරන ලදී.

    අම්පාර, නිව් සිටි මහල්, ඩී.එස් සේනානායක වීදියේ අංක 3 දරන ස්ථානයේ පිහිටි අම්පාර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී-

    සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර සේවා වෙත පාරිභෝගිකයන් හට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන විෂන් කෙයා ආයතනයේ මෙම නව අම්පාර ශාඛාව ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට විශාල පහසුවක් සපයනු ඇත. වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති නව ශාඛාව ප්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහ ඇස් කණ්නාඩි, අව් කණ්ණාඩි, අක්ෂි කාච සහ ශ්‍රවණාධාර ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන්ගෙන් සමන්විතයි. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්‍රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර සහ ශ්‍රවණාධාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විත වේ.  Ray-Ban, Vogue, Polaroid, Vintage, PolarSun  වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මෙම ශාඛාව මඟින් ලබා ගැනීමට හැකි වේ.

    තිස් වසරක් පුරාවට ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.