වීඩියෝ ඇමතුමකින් වෛද්‍ය උපදෙස් ගැනීමේ සේවාවක් DoctorOnline ජනතාවට හඳුන්වා දෙයි

    March, 27, 2023

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් ඕනෑම වේලාවක වීඩියෝ ඇමතුම් හරහා උපදෙස් ගැනීමේ අවස්ථාව DoctorOnline ජනතාවට හඳුන්වා දෙයි. DoctorOnline යනු mobios විසින් Virtual Hospital Pvt Ltd වෙත නිර්මාණය කර දෙනු ලැබු https://www.docotoronline.lk වෙබ් අඩවිය හරහා පිරිනැමෙන නවතම සෞඛ්‍ය සේවාවයි. අන්තර්ජාලය හරහා වෛද්‍ය උපදෙස් සැපයීම වර්තමානයේදී ජනප්‍රිය වෙමින් පවතින අතර DoctorOnline හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගීන්ට සෞඛ්‍ය සේවා සැපයීමට ඉඩ සැළසෙයි. DoctorOnline හරහා වෛද්‍ය උපදේශන සැපයීම, වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, භෞතචිකිත්සකයන්ගේ සේවා සැපයීම, පරීක්ෂණ සාම්පල එකතු කිරීම සහ ඖෂධ බෙදා හැරීම, ගිලන් රථ සේවා සැපයීම ඇතුළුව නිවසේ සිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් එකම තැනකින් පිරිනැමෙයි.

    නිවසේ සිට ප්‍රතිකාර ලබන රෝගියෙකුට රෝහලක සිටින රෝගියෙකුට ලැබෙන සේවාවක් මෙන්ම අන්තර්ජාලය හරහා වෛද්‍යවරුන්ගේ උපදේශන DoctorOnline හරහා ලැබේ. එසේම අවශ්‍ය නම් රෝගියෙකු වහාම රෝහල් ගත කිරීමටද අවශ්‍ය උපදෙස් මේ හරහා සපයයි. මෙම සේවාව හරහා රෝහල්වල තදබදය අවම කර රෝගීන්ට නිවසේ සිටම ආරක්ෂාකාරී ලෙස ප්‍රතිකාර ගැනීමට පහසුකම් සපයයි.

    වෛද්‍ය උපදේශන අවශ්‍ය අයට DoctorOnline වෙබ් අඩවියට පිවිස වීඩියෝ උපදේශන සඳහා වෛද්‍යවරයෙකු වෙන් කරවා ගත හැකිය DoctorOnline රෝගියාට අවශ්‍ය නම් වෛද්‍ය උපදේශනයේ සිට නිවසටම සාත්තු සේවා සැපයීම දක්වා සියලු කටයුතු සම්පාදනය කරයි. වෛද්‍යවරයා වීඩියෝ තාක්ෂණයෙන් රෝගියා නිරීක්ෂණය කරන අතර භාරකරුට රෝගියාගේ තොරතුරු ජංගම දුරකතනයෙන් පරීක්ෂා කිරීමේ හැකියාව සළසා ඇත. මෙහි ඇති සුවිශේෂ පහසුකමක් වන්නේ විදෙස්ගතව සිටින්නන්ට ලංකාවේ සිටින වෛද්‍යවරයෙකු හා අඩු මුදලකට සම්බන්ධ වී තමන්ට පහසු භාෂාවකින් වෛද්‍යවරයාට රෝග ලක්ෂණ හා ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කළ හැකි වීමයි. mobiOs රෝගියාගේ සායනික වාර්තා සියල්ල කළමනාකරණය කරන අතර MEDICA වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අදාළ පුද්ගලයන් එකම වේදිකාවකට ගෙන එයි. DoctorOnlineහි දැක්ම වන්නේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සෑම පුද්ගලයෙකුටම දැරිය හැකි මුදලකට, විශ්වාසදායක, ඉක්මන් සෞඛ්‍ය සේවා සැපයීමයි.

    Video Story

    Stock Market

    Exchange Rates