වීදුරුවලට ඇල්මක් දක්වන්නෝ “Believers in Glass”

    February, 25, 2016

    ශ්‍රී ලාංකිකයන් අතර වීදුරු ඇසුරුම් භාවිතය ප්‍රචලිත කිරීමට සුදුසුම කාලයකි මේ. ඒ සඳහා ගෘහණියන් සිට මහා පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලූ දෙනා පොළඔවා ගැනීම සදහා විශාල කර්තව්‍යක් මේ වන විට ඇරඹී ඇත. වීදුරු, ආහාර ඇසුරුම් සඳහා යෝග්‍ය වන්නේ වීදුරුවල පවත්නා සුවිශේෂී ගුණය සහ ලක්ෂණ නිසාය. “Believers in Glass” ප්‍රචාරණ ව්‍යාපාරය මේ සදහා මූලික අඩිතාලම සකසයි.

    මෙම ව්‍යාපාරයේ සංකේතය වන මිස්ටර් ග්ලාස් මෙසේ පැවසුවේ ය. "ආහාර කැමති වීදුරු ඇසුරුම් වලට. අච්චාරු, ස්ට්‍රෝඛෙරීස්, දොඩම් හෝ තක්කාලි යන සියලු දේ වීදුරු ඇසුරුම් තුල සෞඛ්‍යාරක්ෂිතව, රසයෙන් දිගු කාලයක් පවතී. වීදුරුවල සුවිශේෂි ගුණය ආහාර සඳහා සුරක්ෂිත පරිසරයක් ලබා දේ. විෂබීජ වැනි බාහිර සාධකවලට මෙන්ම හිරුඑළියට ද බාධාවක් ලෙස ක්‍රියා කරන වීදුරු ඇසුරුම් තුළ ආහාර සුරක්ෂිතයි. ආහාරවල සැබෑ සංඝටක ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමේ හැකියාව වීදුරු වලින් සැකසූ ඇසුරුම් සතු ය. එය ආහාරවල නැවුම්බව සහ දියර ස්වභාවය ද ආරක්ෂා කරන අතර ආහාර සුළං නොවැදී තබා ගැනීමට ද සහාය වේ. එසේම ආහාර නරක්වීම වළක්වාලමින් දිගු කාලයක් තබා ගැනීමට සහාය වන නිසා වීදුරු ඇසුරුම් ආහාර ආරක්ෂා කිරීමේ හොඳම විකල්පයයි.

    සංවර්ධිත ලොව ජනයා සියලූම වර්ගයේ ආහාර, ඖෂධ සහ මද්‍යසාර සඳහා යෝග්‍යතම ඇසුරුම් සහ ගබඩාකරණ මාධ්‍ය ලෙස වීදුරු තෝරා ගනී. ඇත්ත වශයෙන්ම සිය පාරිභෝගිකයන් සහ ප්‍රජාව කෙරේ දක්වන කැපවීම සංකේත කරනු වස් ලොව ඉහළ පෙළේ හෝටල් සහ අවන්හල් සිය පාරිභෝගිකයන්ට ජලය සහ ස්ප්‍රීතු වීදුරුවල පමණක් පිළිගන්වයි. වයින් බීම සහ මෝල්ට් පානයන් ගැනීම හා සම්බන්ධ බොහෝමයක් සිරිත් එහි ප්‍රධාන අංගයක් ලෙස වීදුරු යොදා ගෙන ඇත. ස්ප්‍රීතු සහ වයින් ද වීදුරු කෙරේ කැමැත්තක් දක්වයි." යැයි මිස්ටර් ග්ලාස් පැවසුවේ ය. වීදුරු සුපිරි ගණයේ ඇසුරුම් මාධ්‍යයක් යැයි පිළිගැනීමක් පවතී. මේ අනුව පැමිණිය හැකි එකම නිගමනය වනුයේ ඉස්තරම් ඕනෑම දෙයක් අප වෙත ලැඛෙන්නේ වීදුරු ඇසුරුම් තුල පමණක්ය යන බවය.

    මෙම සියලූම ක්‍රියාකාරකම්වලින් අපි උත්සහා කරන්නේ වීදුරු හොඳයැයි පවසන්නේ ඇයි යන්න මිනිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දෛනික කටයුතු සඳහා වීදුරු භාවිතයට පෙළඹවීමය. මන්ද යත් තිරසාර ජීවන ශෛලයක් සඳහා හොඳම විකල්පය වීදුරු වන බැවිනි. වීදුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අපි www.believersinglass.com යනුවෙන් වෙබ් අඩවියක් දියත් කරන ලදි. මෙහි වීදුරුවල ඉතිහාසය පිළිබඳ රසවත් ප්‍රවෘත්ති, එහි විකාශනය, වීදුරුවල කලාත්මක භාවිතයන් වැනි දෑ ඇතුළත් වේ. www.facebook.com/believersinglass නම් ෆේස්බුක් පිටුව සමඟ සමාජීය මාධ්‍යයන්හී සංවාදයක් ආරම්භ කළ අතර යූටියුබ් හී මිස්ටර් ග්ලාස් සහ zz ආහාර වීදුරුවලට කැමතියි. ඒ නිසා අපිත් කැමතියිZZ යන තේමාව යටතේ චලන වීඩියෝවක් දියත් කරන ලදි. 5,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉතාමත් කෙටි කාලයක දී රැස් කර ගත් මෙම ෆේස්බුක් පිටුව මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් පෙන්නුම් කරන ලදි. මෙය අවසානයේ දී " වීදුරු විශිෂ්ටයි " යන්න මෙන්ම වීදුරුවලට පවත්නා කැමැත්ත ක්ෂණිකව පැතිරේ යන්න සනාථ කරන ලදි.

    වෛද්‍ය ඒ.ඒ.පී. කීර්ති මහතාට අනුව "වැරදි ඇසුරුම් ආහාර විෂවීමට මෙන්ම නරක්වීමට හේතු වී ඇති බව සනාථ කළ හැකි දත්ත බොහෝමයක් රටවලින් සොයා ගත හැකි ය. මෙම වැරදි ඇසුරුම්වලින් කාන්දුවීම් සිදුවන අතර ඇසුරුමේ පවත්නා රසායනික ද්‍රව්‍ය ආහාර සමඟ මිශ්‍ර වී ආහාර විෂවීම් ඇති කරයි. වීදුරුවල අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන අතර ආහාර සඳහා එය සුරක්ෂිත ඇසුරුමක් වන බවට සහතික විය හැකි ය. අපි තවමත් ශ්‍රී ලංකාවේ වීදුරු භාවිතයේ හිතකර ප්‍රතිලාභ සහ අනෙකුත් ඇසුරුම්වර්ගවල ප්‍රතිලාභ සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු රැස් කරන්නෙමු."

    දැන් වෙනසක් කරන්න කාලය එළඹ ඇත. අපි සමඟ එක්ව වීදුරු කෙරේ ඇල්මක් දක්වන්න.