වෙළඳපොලේ ඇති හොඳම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් සමඟින් සුපිරි පන්නයේ ජීවන රටාවක් නිර්මාණය කිරීම

    October, 25, 2021

    සැම්සුන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරණීයතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය මෙන්ම පුරෝගාමී ගෝලීය රූපවාහිනී නිෂ්පාදකයා ද වේ. නවීන ජීවන රටාවකට සරිලන මෙම සුඛෝපභෝගී පුළුල් පරාසයක විසිරුනු නිෂ්පාදන තුළින් පාරිභෝගික ජනතාව තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව ඇති සාම්ප‍්‍රදායික මතය වෙනස් කර ඔවුන්ට නවමු අත්දැකීමක් ලබා දෙයි

    Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත් විය. වසර 15 ක් පුරාවට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ නවෝත්පාදනයන් ඉදිරිපත් කරමින් ද නව පාරිභෝගික ජීවන රටාවන් පිළිබිඹු කරන අතිනවීන නිෂ්පාදන හඳුන්වා දෙමින් ද සැම්සුන් රූපවාහිනී ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී සිටී. එමෙන්ම මෙම අංශය තුළ තිරසාරභාවය පවත්වාගෙන යාම සඳහා සැම්සුන් අඛණ්ඩ උත්සාහයන් ගෙන ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන පරිශීලකයින්ට ප‍්‍රවේශවීමේ හැකියාව වැඩි කරන නිෂ්පාදන සහ පරිසර හිතකාමී ඇසුරුම්කරණ දියත් කරමින් සිටී.

    ඔබ සොයන්නේ ගෘහ අලංකරණය ලෙස ආකර්ෂණීයත්වය දෙගුණ කළ හැකි රූපවාහිනියක් ද, screen එක තිරස් (landscape) මෙන්ම සිරස් (portrait) ආකාරයට ප‍්‍රදර්ශනය කරන රූපවාහිනියක්ද නැතහොත් අනර්ඝ නිමාවකින් යුතු රූපවාහිනියක් ද ආදී ඕනෑම නවීන පන්නයේ රූපවාහිනී අවශ්‍යතාවයක් සඳහා විසඳුමක් ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඔබට සලසා දෙයි. මීට අමතරව ගෘහ අලංකාරය වැඩි දියුණු කිරීම සඳහා විවිධ මාදිලියේ මයික්‍රෝවේව්, ශීතකරණ, වායුසමීකරණ සහ රෙදි සෝදන යන්ත‍්‍ර වැනි නිෂ්පාදන ද සැම්සුන් ඔබ වෙත ගෙන එයි.

    LMD Brands Annual 2021 පෙන්වා දෙන ආකාරයට Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයේදී Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ අංක 1 smartphone සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය ලෙස සිය ගෞරවනීය ස්ථානය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිව තිබීම සැම්සුන් හි ජනප‍්‍රියත්වයට කදිම සාක්ෂියකි.

    පසුගිය වසර 15ක් පුරාවට සැම්සුන් ලොව අංක 1 රූපවාහිනී වෙළෙඳ නාමය ලෙස ගෞරවාදරයට පාත‍්‍ර වී සිටී. වසංගතය අතරතුර නිවාස වැඩි වැඩියෙන් කාර්ය බහුල වී ඇති තත්වයක් තුළ මිනිස්සු නිවසේ සිට රාජකාරී වැඩ කටයුතු හා ඉගෙනුම් කටයුතු කරමින් සිටිති. නව විවිධ මාදිලි සමඟින් සැම්සුන් පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි modular design වලින් සමන්විත නම්‍යශීලී විශේෂාංග හඳුන්වා දෙයි. ගෙදර-දොර කටයුතු වඩාත් පහසු ආකාරයට වෙනස් කළ උපාංග හඳුන්වා දීමේ සිට ශීතකරණයේ රාක්ක සහ සිසිලන උෂ්ණත්වය සකස් කිරීම ආදී පාරිභෝගිකයින්ට තමන්ගේ නිවසේ කටයුතු තමන්ට උපරිම ලෙස රිසි සේ සකසා ගත හැකියි.

    ලොව පුරා විවිධ වූ නව නිපැයුම් බිහි වෙමින් පවතින යුගයක පාරිභෝගිකයින් සියලූ දෙනාම තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශ්වසනීය වෙළෙඳ නාමයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. වර්තමාන පාරිභෝගිකයින්ට විවිධ වූ සහ ආවේනික රසයන් ඇත. සුපිරි පන්නයේ ජීවන රටාවකට ඇළුම් කරන මෙම පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් හොඳින් විදහා දැක්වීම සඳහා තම නිවෙස් සකසා ගැනීමටයිි. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා සැම්සුන් නිවෙස් අලංකරණයට හා ජීවන රටාවෙහි විවිධ වූ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඒ ඒ පාරිභෝගිකයාට රුචි පරිදි වෙනස් කිරීමේ හැකියාව ඇති modular design ගුණාංගවලින් යුත් නව ගෘහස්ත උපකරණ පෙළගැස්මක් හඳුන්වා දී ඇත.

    ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ නිවසක ඇති නිතර භාවිතා කරන රසවත් අතුරුපසක් වන යෝගට් සෑදීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණය සහිත මෙරට ඇති එකම ශීතකරණය වන Curd Maestro™ ශීතකරණය ද සැම්සුන් හි බොහෝ නවීන ගෘහ උපකරණ අතරට ඇතුලත් වීම විශේෂත්වයකි. කිසිදු කරදරයකින් තොරව යෝගට් ගබඩා කර තැබීමට මෙම ශීතකරණය සෑම නිවසකම තිබිය යුතුම ඉලෙක්ට්‍රොනික උපකරණයකි. SpaceMax ශීතකරණය යනු සැම්සුන් හි උසස්ම කාණ්ඩයේ ශීතකරණයකි. එහි ගබඩා ධාරිතාවය සාමාන්‍ය ශීතකරණයක මෙන් දෙගුණයක් වන අතර ඔබට ආහාර ගබඩා කිරීමට වැඩි ඉඩක් ලබා දෙයි. එහි ඇති නවීන පෙනුම සහ සුවිශේෂී නිමාව ඔබගේ ජීවිතය වඩාත් පහසු කරවයි.

    සැම්සුන් devices නිර්මාණය කිරීමේදී මිනිසුන්ගේ සෞඛ්‍ය කෙරෙහි ද සැලකිලිමත් වෙයි. සැම්සුන් Convection microwave oven එකෙහි Slim fry™ තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය  ඕනෑම දෙයක් ඉක්මනින් හා පහසුවෙන් පිසීමට භාවිතා කළ යුතු වන්නේ අවම තෙල් ප‍්‍රමාණයක් වන අතර ආහාර ඉහළ රසයෙන් ද යුක්තය! මෙම අද්විතීය තාක්ෂණය අත්විඳිය හැක්කේ සැම්සුන් වෙතින් පමණි.

    සිසිල් සුවපහසු වාතාවරණයක් ලබා දෙන අතරම නිවසේ සිට වැඩ කිරීමට/ඉගෙනුම් කටයුතු කිරීමට සහ නව ජීවන රටාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මාදිලි 5 කට (5-in-1) වෙනස් කිරීමේ හැකියාව සහිත නව 5-in-1 Convertible AC පෙළක් ද සැම්සුන් සතුය. පාරිභෝගිකයින්ට විනෝද Party Mode (120%), Normal Mode (100%), Pleasant Mode (80%), Eco Mode (60%) සහ Home Alone Mode (40%) වැනි විවිධ කාර්ය සාධන මට්ටම්වලින් යුත් වායු සමීකරණ මාදිලි 5ක් තෝරා ගැනීම සඳහා හැකියාව ඇත.

    සැම්සුන් හි නවතම වේගවත් සුළං රහිත WindFree™ වායු සමීකරණ මාලාවේ ඇති micro holes 23,000 මගින් දැඩි සුළං වායු ධාරාවලට ඉඩ නොදී කාමරය පුරා සීතල වාතය මෘදු ලෙස විසුරුවා හරී. මෙම තාක්ෂණය නිසා සීතල වායු ධාරා ඔබට සෘජුවම ළඟා නොවේ. මෙම AC එක මඟින් කාමරය පුරාම උෂ්ණත්වය සමතුලිතව පවත්වා ගන්නා බැවින් ඔබට සිසිල් සහ සුවපහසුවෙන් කාලය ගතකල හැකිය.

    එවැනි නවීන ගෘහ උපකරණ සමඟින්, සැම්සුන් හි අරමුණ වන්නේ ඔබගේ ගෘහ අලංකරණ සැපයුම්කරු ලෙස ඉදිරියෙන් සිටීමටයි. සැම්සුන් එම අරමුණ සාක්ෂාත් කරගැනීමට කාර්යක්ෂමතාව ඉහළ නංවමින් කාලය ඉතිරි කරන ගෘහ කළමනාකරණ විසඳුම් ලබා දීම සඳහා ස්මාර්ට් හා AI විශේෂාංග භාවිතා කරයි. තේරීමක් කරන විට, සෑම විටම හොඳම දේ වෙත යන්න!

    ඉහත සඳහන් නිෂ්පාදනවලින් එකක් හෝ මිලදී ගැනීමට නම් පාරිභෝගිකයින්ට Samsung e-Store හරහා හෝ සැම්සුන් හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙත පැමිණිය හැකිය.