2024 ජනවාරියේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු පසුබැස්මක්

    March, 5, 2024

    2024 ජනවාරි මාසයේ අපනයන කාර්යසාධනය

    2024 ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක් වූ අතර, එය 2023 ජනවාරි මාසයට සාපේක්ෂව 0.77% ක අඩුවීමක් වාර්තා කළේය. 2023 ජනවාරි හා සසඳන විට, කෘෂිකාර්මික අපනයන 3.58% ක සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 2024 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 225.43 දක්වා ළඟා විය. කෙසේ වෙතත්, එම කාලය තුළ කාර්මික අපනයන 2.08% ක අගයකින් පහත වැටීමක් සිදුව ඇති අතර, එය ඇමරිකානු ඩොලර් මිලියන 744.77 කි.