November, 3, 2023
ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මේ වන විට අභිලාෂ කැඳවා තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බව වාර්තාව වේ.
The Hindu Business Line පවසන්නේ ඒ අතර ගුවන් සේවා කර්මාන්තයේ නිරත සමාගම් මෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන සමාගම් ද ඇති බවයි.
මේ පිළිබඳව කළ විමසීමකට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීමේ කමිටුවේ සභාපති සුරේෂ් ෂා මහතා මේ බව පැවසූ බව The Hindu Business Line වැඩිදුරටත් සඳහන් කරයි.
“ගුවන් සහ ගුවන් නොවන දෙඅංශයටම අයත් සමාගම් මේ සඳහා උනන්දුව පළ කර තිබෙනවා. ඒවා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සමාගම්“, යනුවෙන් එහි සඳහන් බව The Hindu Business Line පවසා සිටී.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ 99% කට වැඩි කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුවන අතර 2024 ජූනි මාසයට පෙර එම හිමිකාරීත්වය අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව රජය මීට පෙර නිවේදනය කරනු ලැබීය.
Video Story