ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය සිය 22 වැනි විශිෂ්ටත්ව සංවත්සරය සමරයි

    December, 19, 2024

    ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම ආයතනික සමාජය ලෙස සැලකෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ (SriLankan Airlines Toastmasters Club) 22 වැනි වාර්ෂික නව නිලධාරී පත් කිරීමේ උත්සවය පසුගියදා කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල් (SriLankan Aviation College) පරිශ්‍රයේදී පැවැත්විණ.

    2002 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජය ආරම්භ කළ හිටපු මානව සම්පත් ප්‍රධානී සුනිල් දිසානායක ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර දිස්ත්‍රික් 82 හි දිස්ත්‍රික් අධ්‍යක්ෂ ගංගා ප්‍රනාන්දු, දිස්ත්‍රික් 82 හි වැඩසටහන් තත්ත්ව අධ්‍යක්ෂ නිරෝෂන් නඩරාජා, දිස්ත්‍රික් 82 හි H ප්‍රාදේශීය අධ්‍යක්ෂ  ෂබ්රි ෂාමූන් සහ දිස්ත්‍රික් 82 හි H4 කලාපීය අධ්‍යක්ෂ නිම්ෂි පලිහවඩන සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම ටෝස්ට්මාස්ටර්ස් සමාජවල සභාපතිවරුන් , සාමාජිකයින් සහ ගුවන් සමාගමේ වත්මන් ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සාමාජිකයින් ද ඇතුළ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේහි අලුතින් පත්කරන ලද විධායක කමිටුව සිය මීළඟ ඉලක්කය ලෙස ක්‍ෂේත්‍රයේ කීර්තිමත්ම සම්මානය වන "Golden Gavel" දිනාගැනීම වෙත අවධානය යොමු කර ඇත. නව විධායක කමිටු සාමාජිකයෝ වන්නේ සභාපති කපිල චන්ද්‍ර, උප සභාපති - අධ්‍යාපන ඔලාරිකා නීරෝධා, උප සභාපති - සාමාජික පුබුදු විජේරත්න, උප සභාපති - මහජන සම්බන්ධතා විමුක්ති දිසානායක, ලේකම් නිසංක සේනාරත්න, භාණ්ඩාගාරික ඩිල්ෂාන් පීරිස් සහ (Sergeant-at-Arms) දක්ෂිණ ප්‍රනාන්දු යන අයයි. පැහැදිලි දැක්මක් ඇතිව, ඉදිරි වසරවල දී සාර්ථකත්වය සහ ජයග්‍රහණ අත්කර ගැනීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ අපේක්ෂාවයි.

    ප්‍රධාන ආරාධිත අමුත්තා, ප්‍රාදේශීය නියෝජිතයන්, විධායක කමිටු සාමාජිකයින්,ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ටෝස්ට්මාස්ටර් සමාජයේ සාමාජිකයින් සහ අනෙකුත් සමාජ සභාපතිවරුන් සහ සාමාජිකයින්

    උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සුනිල් දිසානායක මහතා විසින් නව සභාපති තුමා වෙත ටෝස්ට්මාස්ටර්ස් සංකේතය පිරිනැමූ අයුරු

     

    ඡායාරූප විස්තරය : නව විධායක කමිටු සාමාජිකයෝ සභාපති කපිල චන්ද්‍ර, උප සභාපති - අධ්‍යාපන ඔලාරිකා නීරෝධා, උප සභාපති - සාමාජික පුබුදු විජේරත්න, උප සභාපති - මහජන සම්බන්ධතා විමුක්ති දිසානායක, ලේකම් නිසංක සේනාරත්න, භාණ්ඩාගාරික ඩිල්ෂාන් පීරිස් සහ (Sergeant-at-Arms) දක්ෂිණ ප්‍රනාන්දු