July, 17, 2023
මේ වනවිට විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වන “ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී හඳුන්වා දුන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් හේතුවෙන් එම සමාගමේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වී සිටි සේවකයන් පිරිසක් සමාගමෙන් ඉවත් වී ඇති බවට” පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බව එම සමාගම නිවේදනය කරයි.
රටේ වෙනත් සමාගම් හා ආයතන මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින්ද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයන් හේතුවෙන් විදේශීය රටවල්වල සේවය සඳහා යොමුවීමේ ප්රවනතාවයක් පවතින නමුත්, එය කිසිසේත්ම මාධ්‍ය මගින් ප්‍රචාරය වන ආකාරයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයකට සම්බන්ධයක් නොමැත. එමෙන්ම පසුගිය වසර දෙක තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් සේවකයින් සඳහා හඳුන්වා දී නොමැත.
සාමූහික හැඟීමෙන් සහ කැපවීමෙන් රාජකාරි ඉටුකරන කාර්යමණ්ඩලයක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු වන අතර, සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා ඔවුන් විවිධ කැපකිරිම් සිදුකර ඇති අතර, ඔවුන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. එමෙන්ම පිරිවැටුම වැඩිකර ගනිමින් දක්ෂ සේවක සේවිකාවන් සමාගම තුළම රඳවා ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම පසුගිය කාලය තුළ පියවර රැසක් ගෙන ඇත. තවද කෙටිකාලීනව ඇතිවන මානව සම්පත් හිඟයන් හේතුවෙන් සමාගමේ කටයුතුවලට ඇති වන බලපෑම් අවම කිරීම සඳහා කාර්යමණ්ඩලයට අවශ්‍ය පුහුණුව සහ සහයෝගය නොපමාව ලබාදීමටද සමාගම කටයුතු කර තිබේ. මීට අමතරව, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරමින් සිටී.
Video Story