ශ්‍රීලංකන් ගුවන් සේවයේ පිහිනුම් කණ්ඩායම Travel Trade 2026 පිහිනුම් තරගාවලියේ ජය කෙහෙලි නංවයි

    July, 27, 2026

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ පිහිනුම් කණ්ඩායම 'Travel Trade 2026' පිහිනුම් තරගාවලියේදී සෙසු කණ්ඩායම් අභිභවා විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. ඊට අමතරව එම කණ්ඩායම තරගාවලියේ පිරිමි හා කාන්තා යන අංශ දෙකෙහිම ශූරතාව තමන් සතු කරගැනීමට සමත් වීම විශේෂත්වයකි.

    තරගාවලිය පුරාම ඔවුහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනන්‍යතාවෙහි අනිවාර්ය අංග වන සාමූහිකත්වය, අධිෂ්ඨානය සහ ජයග්‍රාහී ආකල්ප මැනැවින් පිළිබිඹු කරමින් තරග වැදුණහ.

    එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත 'Mercantile 2026' පිහිනුම් ශූරතාවලියේදීද මෙබඳුම දක්ෂතා දැක්වීමට කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates