ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Upcycle” ව්‍යාපෘතිය යටතේ සරණ බෞද්ධ පදනමේ වැඩිහිටි නිවාසය වෙත රෝද පුටු පරිත්‍යාග කරයි

    February, 18, 2022

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ පරිසර ඒකකය ඔවුන්ගේ  “Upcycle” ව්‍යාපෘතිය යටතේ  සරණ බෞද්ධ පදනමේ වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන් වෙත ප්‍රතිනිර්මාණය කරන ලද රෝද පුටු පසුගියදා පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් , මානව සම්පත් (HR) අංශයේ සහ ශ්‍රීලංකන් කෙයාර්ස් හි සාමූහික කණ්ඩායම් ප්‍රයත්නයන් තුළින්  මෙම රෝද පුටු සහ වැඩිහිටි නිවසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  එහිදී පරිත්‍යාග කරන ලදී.

    මෙම පරිත්‍යාග කරන ලද රෝද පුටු ශ්‍රීලංකන් හි රැම්ප් සේවා අංශයේ ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සම්පුර්ණයෙන්ම සකස් කරන ලද ඒවා වූ අතර රෝද පුටු තැනීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය ද ගුවන් සේවයේ Scrap  වැඩෙපාළ , දේපල සහ රූම්ප් වැඩපොළ වලින් ලබා ගන්නා ලදී. එහි සාමාජිකයින්ගේ කැපවීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වීමට හැකිවීම සැබවින්ම සතුටට කරුණකි.

    සරණ බෞද්ධ පදනමේ මෙම වැඩිහිටි නිවාසය සමාජය විසින් නොසලකා හරින ලද සහ රැකවරණය සහ ජීවන අවශ්‍යතා සඳහා ප්‍රවේශය නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 20 දෙනෙකුගේ නිවහන වේ. මෙම නිවාසය කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානයක් විසින් වන අතර මෙහෙයුම් පවත්වාගෙන යාම විවිද  පුද්ගලයින්ට ලබා දෙන පරිත්‍යාග මත රඳා පවතී.

    ශ්‍රීලංකන් පාරිසරික ඒකකය, ශ්‍රීලංකන් කෙයාර්ස් සහ මානව සම්පත් අංශයේ සහයෝගීතාව මගින් මෙවැනි ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාවට නංවා ඇති අතර ප්‍රජාවන්ට සහය වෙමින් ජාතිය නඟා සිටුවීමේ  වගකීමේ කොටසක් ලෙස එය ඉටු කිරීමට ඔවුන් බැඳී සිටියි.