January, 9, 2023
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් ඒවා අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් කියා සිටී.
ලොව පුරා විසිරී සිටින විද්වතුන් 182 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් මගින් ඔවුන් කියා සිටින්නේ, රටේ විදේශ ණයවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වන අතර, බොහෝ දුරට ඒවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ස්වරූපයෙන් පවතින බවයි. කෙසේනමුත් ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔවුන් ණය ගෙවීමෙන් අඩකට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නා බව ඔවුන් මෙහිදී පෙන්වා දෙනු ලබයි.
“එවැනි ණය දෙන්නන් ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දීමට අවදානම් වාරිකයක් අය කළ අතර එමඟින් ඔවුන් විශාල ලාභයක් උපයා ගත්තා. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමට එය ද දායක වුණා. අවදානම් වාරිකය නිසා ඉහළ ප්රතිලාභ ලැබූ ණය දෙන්නන් එම අවදානමේ ප්‍රතිවිපාක ගැනීමට ද කැමැත්තෙන් සිටිය යුතුය“, යනුවෙනු මෙම විද්වත්හූ පෙන්වා දෙති.
මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayati Ghosh, Paris School of Economics හි Thomas Piketty ඇතුළු විද්වතුන් පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.






Video Story