ශ්‍රී ලංකාවේ ගොවීන්ට යුරෝපා සංගමයෙන් ආධාර

    February, 7, 2023

    ශ්‍රී ලංකාවේ වඩාත් වැඩි අවදානමකට ලක්වී සිටින වී ගොවීන්ට යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පොහොර , බීජ වීි සහ පුහුණුව සපයනු ලබයි.

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැනට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වයට විසඳුම් ලබාදීම සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 4 ක් ( ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5 ක්) ලබාදේ. මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් ක්‍රියාවට නංවනු ලබන අතර එම වැඩපිළිවෙල අද (07) දින නිලවශයෙන් කොළඹ දීි ආරම්භ කරනු ලැබිණි.

    විශේෂයෙන්ම හෙක්ටයාර් 0.5 ට වඩා අඩුවෙන් වගාකරන කුඩා පරිමාන ගොවීින්ද ඇතුලුව මෑත කාලීන අර්ථික අර්බුදය දිවයිනේ සියලුම ගොවීන්ට දරුණු බලපෑමක් ඇති කළේය. පසුගිය කන්න දෙකෙහිදීම පොහොර සහ වගාවට අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය නොමැතිකම නිසා අස්වනු ප්‍රමාණය අඩුවීම හේතුකොටගෙන මෙම ගොවීන් අතිශයින් පීිඩාවට පත්වූහ. මෙම නිසා ඔවුන්ගේ අදායම් ප්‍රමාණය අඩුවී ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුලුව අනෙකුත් අත්‍යාවශ්‍ය දේ සපයා ගැනීමට නොහැකි තත්වයකට පත්වූුහ.

    යුරෝපා සංගමයේ තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා අදහස් දක්වමින් ,” අද මෙම නව ක්‍රියාමාර්ගය පිළිබඳව ඔබ වෙත දැනුම්දීමට ලැබීම පිළිබඳව මම ඉතා ප්‍රීිතියට පත්වෙනවා. ආහාර හිගකම දුරලීිමට සහ ගොවීින්ගේ ආදායම වැඩිකරලීිමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් යථා තත්වයට පත්කිරීමට අපි ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග සහයෝගයන් වැඩකරනවා. අපි එකට එක්ව මේ සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වන පොහොර සහ බීජ ලබාදෙනවා. එසේම අපි සම්පත් අඩුවෙන් භාවිතා කරමින් වී ගොවිතැන සිදුකළ හැකි ක්‍රම පිළිබඳ පුහුණුවක් ගොවීන්ට සහ ව්‍යාප්ති නිලධාරීන්ට ලබාදෙනවා. මෙම නව සහාය දැක්වීම මගින් වඩාත් තිරසර, සහ ඵලදායී කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ශ්‍රී ලංකාවේ ඇතිකිරීම සඳහා මගපෙන්වනු ඇතැයි මම විශ්වාස කරනවා,” යැයි පැවසුවේය.

    “යුරෝපා සංගමය විසින් ලබාදුන් මෙම අගනා සහාය අපි ඉතාමත් අගය කරනවා. මෙහිදි නිෂ්පාදනය ඉහළ නැංවීිම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පමණක් නොව කෘෂිකර්ම ක්ෂේත්‍රය රසායනික පොහොර මත රඳාපැවතීම අඩු කිරීම, අස්වැන්න වැඩි කරගන්නා ක්‍රම සහ රසායනික පොහොර භාවිතය අඩුකරන ආකාරය පිළිබඳව මැදිහත්වීමක්ද ද සිදුකරනවා යැයි ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වාර්මාර්ග අමාත්‍යාංශය සමගින් සමීපව වැඩකටයුතු සිදුකරනවා. මෙමගින් දිවයින පුරාම තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරිමට මහත් දායකත්වයක් ලබාදෙනු ඇතැයි” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම ව්‍යාපෘතිය මගින් පොලොන්නරුව, බදුල්ල, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 0.5 දක්වා වූ ඉඩම් වල වගාකටයුතු සිදුකරනු ලබන කුඩා පරිමානයේ ගොවීන්ට සහාය ලබාදෙනු ඇත. ඔවුන්ට 2023 යල කන්නය සඳහා යූුරියා කිලෝ ග්‍රෑම් 50 ක බෑගයක් ලැබෙනු ඇත. මෙයට අමතරව ඉලක්ක ගත ගොවීන්ට සහ ව්‍යාප්ති නිලධාරීන්ට පොහොර කාර්යක්ෂමව භාවිතා කරන ආකාරය, රසායනික පොහොර සඳහා පවතින අවශ්‍යතාවය අවම කිරිම, කාබනික පෙහොර භාවිතය ඉහළ නැංවීම සහ දිර්ගකාලීින වශයෙන් පසේ සාපල්‍යතාවය ඉහළ නැවීම පිළිබඳව පුහුණුවක් ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාවේ දැනට පවතින අවශ්‍යතාවයට සරිලන ලෙස බීජ වී සැපයුමක් ලබාදීම සඳහා ගුණාත්මක වශයෙන් ඉහළ බීජ වී වගා කිරිම සඳහා සහ රජය සතු ගොවිපළ වල සහතික කරන ලද බීජ වගාකිරිමත් , සැකසීමත් ශක්තිමත් කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය දක්වනු ඇත.