ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 25% ක් දුප්පත් – ලෝක බැංකුව කියයි

    April, 3, 2024

    ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම අඛණ්ඩව අවුරුදු 4ක් ඉහළ ගොස් ඇති බවත් 2023 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන්ගෙන් 25.9% ක් දරිද්‍රතා රේඛාවට වඩා පහළින් ජීවත් වී ඇති බවත් ලෝක බැංකුව පවසයි.

    මේ අතර ලෝක බැංකුව වැඩිදුරටත් පුරෝකථනය කරන්නේ 2026 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 22% කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

    ඊයේ (02) දිනයේ දී ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද Sri Lanka Development Update, Bridge to Recovery, නවතම වාර්තවෙහි මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “ශ්‍රම බලකායේ සහභාගිත්වයද අඩුවිමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්  කුඩා ව්‍යවසායන් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමිම නිසා  කාන්තාවන් අතර සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකා සහභාගිවිමේ අඩුවක් දක්නට ලැබුණි. භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්වය අඩුවිම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතිම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පිීඩනයට පත් වී සිටි. මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා  සපුරාගැනිම සඳහාද සෞඛ්‍යය හා අධ්‍යාපන වියදම් පවත්වාගෙන යාම සඳහාද ණයගැනිමට සිදු වී ඇත.“

    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    April, 2, 2024