ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල තවත් පමා වන ලකුණු

    January, 12, 2023

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රමාද විය හැකි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි.

    Standard Chartered Global Research විසින් සිදුකරන ලද නවතම ඇගයීම් වාර්තාවක මේ බව සඳහන් වේ.

    “IMF වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 අවසානය දක්වා කල් යනු ඇතැයි අපි සිතනවා“, යනුවෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සඳහන් කරයි.

    මෙහිදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    “ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ සාකච්ඡා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වන බැවින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන ප්‍රමාද විය හැකියි. ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් ජාත්‍යන්රත මූල්‍ය අරමුදලේ මණ්ඩල අනුමැතිය 2023 දෙවන කාර්තුවේ දී සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. මෙය වානිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කරනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට එළඹිමට හැකිවන්නේ 2023 අවසානය වන විට පමණි.“