May, 11, 2026
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් RTS Holdings සමාගමට අයත් හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට The Sustainable Future Group පිරිනමන Zero Carbon Manufacturing Certification හිමි වී තිබේ. මෙම ජයග්‍රහණය තිරසාර තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස RTS Holdings සමාගමේ ස්ථානය තව දුරටත් ශක්තිමත් කරයි. මෙම සහතිකය කර්මාන්තශාලාව හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙනැවිත් ඇති බවට නිල පිළිගැනීමකි. මෙම සහතිකය ප්රදානය කර ඇත්තේ WBCSD/WRI GHG Protocol හා ISO 14064-1 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිවලට අනුකූලව කළ ස්වාධීන විගණනයකින් පසුවය.
මෙම සහතිකය හරහා RTS Holdings සමාගම සිය හරිතාගාර වායු විමෝචන නිවැරැදිව මැන අවම කර ශූන්‍ය මට්ටමට පත් කර ඇති බව තහවුරු කරයි. එම ක්‍රියාවලියේ කොටසක් ලෙස සමාගම කාබන් ඩයොක්සයිඩ් ටොන් 1,020ක ප්‍රමාණයක් මුදා හැරීම නතර කර ඇති අතර ඒ සඳහා භාවිත කළ කාබන් ණය Clean Development Mechanism (CDM) යටතේ සහතික කළ ජල විදුලි ව්‍යාපෘතියකින් ගෙන තිබේ. මෙම ජයග්‍රහණය RTS Holdings සමාගම තිරසාරත්වය කෙරෙහි දක්වන දිගු කාලීන කැප වීම මෙන්ම පුනර්ජනනීය බල ශක්ති භාවිතය, බල ශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ජාත්‍යන්තර පරිසර ප්‍රමිතිවලට අනුගත වීම පිළිබඳ දැක්ම පිළිබිඹු කරයි. ඒ සමඟම ශ්‍රී ලංකාවේ Zero Carbon තේ නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස RTS Holdings නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කළේ උසස් තත්ත්වයේ සිලෝන් ටී නිෂ්පාදනය සහ පරිසර වගකීම් අතර සමතුලිතතාවක් පවත්වා ගෙන යාමේ දිගු කාලීන දැක්ම මෙම සහතිකය හරහා තහවුරු වන බවයි. “පරිසරයට ඇති බලපෑම අවම කරමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ මෙහෙයුම් ප්‍රමිති පවත්වා ගෙන යාමට අප සතු කැප වීම මේ හරහා නැවත තහවුරු වෙනවා.” ඔවුහු සඳහන් කළහ. යුරෝපා රටවල්,ජපානය,සහ උතුරු ඇමරිකාව වැනි පරිසර හිතකාමී වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවේ තේ සඳහා ඇති තරගකාරිත්වය ශක්තිමත් කිරීමට මෙවැනි තිරසාරත්ව සහතිකවල වැදගත්කම දිනෙන් දින ඉහළ යයි. මෙම ජයග්‍රහණය RTS Holdings සමාගමේ ජාත්‍යන්තර ප්‍රතිරූපය තව දුරටත් ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණුවලට දායක වීමටත් උපකාර වේ. ලලිත් ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන RTS Holdings සමාගම වගා හා ඒ ආශ්රිත ක්ෂේත්‍ර රැසක විවිධාංගීකෘත ව්‍යාපාර පවත්වා ගෙන යන අතර නව්‍යකරණය, ගුණාත්මකභාවය සහ තිරසාරත්වය කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරමින් කටයුතු කරයි.
Video Story