ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රයිම් සමූහය ඇදහිය නොහැකි දේපල ආයෝජන සැලැස්මක් හදුන්වා දෙයි

    August, 20, 2021

    • මූලික ගෙවීම 20%  පමණි
    • වසර 2 ½ ක් ඇතුලත 25% ක්
    • ඉතුරු 55% නිවාස පැවරීමේදී - වසර 2 ½ කට පසු
    • මුළුමනින්ම පොලී රහිතයි
    • වසර 2 ½ කදී ආයෝජනයෙන් 75% ක නිසැක ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව (Effective Return On Investment)

    වසර 26ක පාරිභෝගික විශ්වාසය දිනූ මෙරට විශාලතම දේපළ සමාගම වන  ප්‍රයිම් සමූහය සිය අද්වීතීය මෙන්ම මෙතෙක් දේපළ වෙළෙඳ  ක්ෂේත්‍රෙය් ලබා නොදුන් නවීනතම ගෙවීම් සැලැස්මක් සමග පාරිභෝගිකයින්ගේ නිවසක සිහිනය සැබෑකරවීමට සමත් විය.

    මෙම අද්වීතීය පහසු ගෙවීම් ක්‍රමය මඟින් පාරිභෝගිකයින්ට නිවාස ඒකකයේ මුළු වටිනාකමින් 20% ක් වැනි ඇදහිය නොහැකි මූලික ගෙවීමක් සිදුකල හැකි අතර,25% ක් මාස 30 ක් තුළදී පහසු වාරික වලින් ගෙවීමට සහ 55% ක් ඔවුන්ගේ නව නිවස භාර දෙන විට ගෙවීමට හැකිවන පරිදි මෙම පහසු ගෙවීමේ ක්‍රමය සැලසුම් කර ඇත. එමෙන්ම වසර 2½ කදී ආයෝජනයෙන් 75% ක් නිසැක වශයෙන් ප්‍රතිලාභයක් ඉපැයීමේ හැකියාව මේ සමගම පාරිභෝගිකයින්ට ලැබේ.

    වසර 26ක ක්ෂේත්‍රයේ ඉහළ ම අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය මෙම පහසුගෙවීමේ ක්‍රමය මගින් මෙතෙක් තම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වූ පාරිභෝගිකයන් හටද තමන්ගේම නිවසක් හිමිකර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා ඇත. පිළියන්දල කහතුඩුවේ හරිත පරිසරයක සුඛෝපභෝගී පහසුකම් සහිතව ඉදිවන 88 Residence නිවාස ව්‍යාපෘතිය හරහා ආයෝජනයට මෙන්ම පදිංචියටත් සුදුසු අනර්ග තත්ත්වයේ නිවාස 88ක් පාරිභෝගිකයින්ට සමීප කරන ප්‍රයිම් සමුහය මෙම පහසු ගෙවීමේ සැලැස්ම තුලින් නවතම පාරිභෝගික සමුහයක් හා අත්වැල්බැඳ ගැනීමට ද සමත් වී ඇත.

    ‘‘වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට අනුරූප වන ලෙස නිවාස ව්‍යාපෘති දියත් කිරීම සහ ඊට ගැලපෙන වඩාත් නම්‍යශීලී නව්‍ය ගෙවීම් පහසුකම් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා ප්‍රයිම් සමූහය සැම විටම දැඩි කැපවීමකින් කටයුතු කරනවා. එබැවින් මෙම ‘අද්විතීය දේපළ වෙළෙඳ ආයෝජන සැලසුම’ පළමු වරට ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හඳුන්වා දෙන්නේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තුවක් වන තමන්ගේම නිවසක ජීවත්වීමේ සිහිනය සැබෑ කරවීම සඳහා  20%ක් වැනි දැරිය හැකි මූලික ගෙවීමකින් එම ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කර ගන්නට මෙම මූල්‍ය සැලසුම සමගින් හැකි වෙනවා. අභියෝගාත්මක ආර්ථිකයක් පවතින මෙවැනි තත්වයක් තුළ මෙවැනි පහසුකමක් පාරිභෝගිකයින්ට ලබා දීම  ඔවුන්ගේ ජීවිතයන්ට ද නව ආලෝකයක් ගෙන එනු නිසැකයි.’’

    ‘‘ ශ්‍රී ලාංකිකයින්ගේ වැටුප් තත්වයන් සලකා  බලන විට ඉතිරි මුදල වසර 2½ කින් ගෙවීමට ඇති හැකියාව සීමිත බැවින් ප්‍රයිම් සමූහය  මෙම තත්වය වටහා ගනිමින් නිවසේ වටිනාකමින් 25% ක් පමණක් පළමු වසර 2½ තුළ පාරිභෝගිකයින්ගෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ අනුව නිවස පාරිභෝගිකයින් වෙත බාරදෙන අවස්ථාව වන විට මුළු වටිනාකමෙන් 45% පමණක් ගෙවා ඇති අතර ඉතිරි 55% ක මුදල පදිංචියත් සමග ගෙවීමට හැකි වෙනවා. අවශ්‍ය නම් එම මුදල ගෙවීම  සඳහා බැංකු ණයක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති අතර එම අවශ්‍යතාව ඉටුකර දීමට ප්‍රයිම් සමූහය සැදි පැහැදී සිටිනවා. වඩාත් වැදගත්ම කරුණ වන්නේ මෙම අද්විතීය ගෙවීම් සැලසුමට අනුව නිවාස මිලදී ගත් පාරිභෝගිකයින්ට වසර 2½කින් නිවස විකිණීමට අවශ්‍ය නම් ආයෝජන වටිනාකමින් 75%ක  නිසැක ප්‍රතිලාභයක් ලබා ගත හැකි වීමයි.’’’’

    එබැවින් ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රයිම් සමූහය විසින් හඳුන්වාදෙන මෙම අද්විතීය මූල්‍ය සැලසුම විශාල පාරිභෝගික සමාජයක් ආකර්ෂණය කර ගනු ඇති බව මගේ අදහසයි. වර්තමාන අභියෝගාත්මක ආර්ථික තත්වයක් තුළ වුවද පාරිභෝගිකයින්ට සිය ආයෝජන අවශ්‍යතාව සමබර කර ගනිමින් මූල්‍ය පීඩනයකින් තොරව තමන්ගේම නිවසක සිහිනය සැබෑකර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට  සුඛෝපභෝගී නව දිවි පෙවෙතක් හිමි කර දීම සඳහා ප්‍රයිම් සමූහය දරණ උත්සාහයේ තවත් අග්‍රගන්‍ය ප්‍රතිපලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සහ අද්විතීය පහසු ගෙවීමේ ක්‍රමය මා හඳුන්වන්නට කැමති. ZZ යනුවෙන් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා පැවසීය.

    පිළියන්දල, කහතුඩුව 88 Residence සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය යෝජිත රුවන්පුර අධිවේගී පිවිසුමට මීටර් 500 නුදුරින් පිහිටා ඇති අතර  කහතුඩුව අධිවේගී පිවිසුමට කිලෝමීටර් 2ක හා  120 බස් මාර්ගයට මීටර් 750ක් නුදුරින් පිහිටා ඇත. පිළියන්දල සදාහරිත කුඹුරු යායකට යාබදව පිහිටි නිස්කලංක සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි මෙම රමණීය නිවාස ව්‍යාපෘතිය තුළ මාදිලි 4කින් යුත් නිවාස ඉදිවනු ඇත. නිස්කලන්ක බවින් පිරුණු 88 Residence සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය යටතේ ඉඩකඩ සහිත නිදන කාමර දෙකක් හෝ තුනකින් යුත් තනි මහලේ  නිවාස සහ දෙමහල් නිවාස 88 ක් ඉදිවන අතර ඒවායෙහි මිල ගණන් මිලියන 14.5 සිට ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය 2024 වසරේ පළමු අර්ධයේදී පාරිභෝගිකයින් අතට පත් කිරීමට ප්‍රයිම් සමූහය සැලසුම් කර ඇත.

    ‘‘ශ්‍රි ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමූහය ලෙස පාරිභෝගිකයින්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් රැගෙන එමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට අපට ලබා දිය හැකි සියලු ආකාරයේ සහායන් සහ පහසුකම් සැලසීමට ප්‍රයිම් සමූහය සැමවිටම කටයුතු කර තිබෙනවා. පාරිභෝගිකයින් නිරතුරුවම දේපළ පිහිටි ස්ථානය, නිමාව, සහ ගුණාත්මක බව, ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. කහතුඩුව 88 Residence සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පිළයන්දල සොඳුරු පරිසරයක නාගරික පහසුකම් මධ්‍යයේ සුඛෝපභෝගීව ජීවත් වීමට කැමති පාරිභෝගිකයින්ට තෝරා ගත හැකි හොඳම තැනයි ZZ යනුවෙන් ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    වඩාත් ඉඩ පහසුව සහිතව ඉදිකෙරෙන මෙම නිවාස  සඳලු තලය, මහෝගනී දැවයෙන් නිමවන ප්‍රධාන දොරටුව, සහිතව විවිධ නව ගෘහනිර්මාන ශිල්පයේ නව සැලසුම්වලට අනුකූල බැවින් අසම සම ජීවන අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත. නිවාසයන්හි මුළුතැන්ගෙය නවීනතම ග්‍රැනටියිට් මතුපිටක් සහිත pantry cupboards මෙන්ම නානාකාමර සඳහා උණු ජල පහසුකම්, servant's toilet ඇතුළුව පහසුකම් රැසක් අන්තර්ගතව පවතී. තවද meh 24 mqrd wdrla‍Idj" වැඩිහිටියන් සහ ළමුන් සඳහා වෙන් වූ පිහිනුම් තටාකය, ළමා ක්‍රීඩා පිටිය සහ බහුකාර්ය ක්‍රීඩා පිටිය, jogging track (ව්‍යායාම මංතීරු), යෝග අභ්‍යාස පීඨිකාව, ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානය සහ බහුකාර්ය ශාලා ඇතුළු බොහෝ දේ මෙයට ඇතුළත් වේ.

    වැඩිහිටියන් සහ ළමුන් සඳහා වෙන් වූ පිහිනුම් තටාකය, ළමා ක්‍රීඩා පිටිය සහ බහුකාර්ය ක්‍රීඩා පිටිය, jogging track (ව්‍යායාම මංතීරු), යෝග අභ්‍යාස පීඨිකාව, ගෘහස්ථ ව්‍යායාම මධ්‍යස්ථානය සහ බහුකාර්ය ශාලා ඇතුළු බොහෝ දේ මෙයට ඇතුළත් වේ.