May, 7, 2026
ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම විසින් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට රජය මැදිහත් නොවන්නේ නම්, දේශීය පුනර්ජනනීය බලශක්ති අංශය ස්වභාවික මිය යෑමකට මුහුණ දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ ඉහළම ආයතනය සහ ලංකා වානිජ මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය අනතුරු අගවයි.
ජාතික විදුලිබල පද්ධතියට සපයන ලද පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ගෙවීම් 2025 දෙසැම්බර් මාසයේ සිට සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත්, සෑම මසකම රු. බිලියන 2.5ක මුදලක් ගෙවීමට නියමිතව තිබිය දී, 2026 අප්‍රේල් මාසය වන විට මෙම හිග මුදල් ප්‍රමාණය දරාගත නොහැකි ලෙස රු. බිලියන 10ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය මේ බව අනාවරණය කර සිටියේය.




Video Story