ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ විසඳුමක්

    April, 19, 2021

    සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ විසඳුම වන ‘Group Health’ මෑතකදී එළිදැක්වීය. සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් සමාගම්වලට සිය රක්ෂණහිමියන්ගේ රක්ෂණ ඔප්පු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ.

    මෙම නව ජීවිත රක්ෂණ විසඳුම මගින් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කළ පරිපාලන ක‍්‍රියාවලීන් හරහා මෙතෙක් පැවති දුෂ්කරතා අවම කිරීමටත්, ලිපිලේඛන හා සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් භාවිතය මුළුමනින්ම නැවැත්වීමටත්, පිරිවැය පාලන ක‍්‍රියාවලීන් වඩාත් විධිමත්ව සිදු කිරීම ආදි කටයුතු සඳහා සේවායෝජකයින්ට අසමසම පහසුවක් ලබා දෙන අතරම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ Clicklife යෙදවුම හරහා සේවකයින්ට සබඳතාවලින් තොරව ප‍්‍රතිපූර්ණ ලබා ගැනීමටත්, රෝහල්ගත වීම්වලදී මුදල් භාවිතයෙන් තොරව පහසුවෙන් ගෙවීම් කිරීමේ හැකියාවත් ලබා දෙයි.

    තවද සේවකයින්ට පැය 48ක බාහිර-රෝගී ප‍්‍රතිකාර සේවා සඳහා හිමිකම් ලබා ගැනීමට හැකි වීම, පැය 24 පුරා පාරිභෝගික සේවාව සහ වෛද්‍ය සේවා ආයතනවලින් සුවිශේෂී පහසුකම් ලබා ගැනීමට ද මෙමගින් හැකියාව ඇත. එමෙන්ම සමාගම්වලට ඔවුන්ගේ සේවකයින්ගේ රක්ෂණ ඔප්පු සඳහා දන්ත වෛද්‍ය සත්කාර හා සැත්කම් සඳහා වන ආවරණ සේවා ද ඇතුලත් කළ හැකි අතර වඩාත් හොඳ ජීවිත රක්ෂණ සේවා සඳහා වැඩිවන ඉල්ලූම සපුරාලීම සඳහා යූනියන් ඇෂුවරන්ස් විසින් මෙම පුළුල් පරාසයක සේවා ලබා දෙනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දැක් වූ යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘වත්මන් ඩිජිටල් ලෝකයේදී කණ්ඩායම් ජීවිත රක්ෂණ අවකාශයේ බලපෑම් අවම කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ආයතනවල පරිපාලන ක‍්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමෙන් යූනියන් ඇෂුවරන්ස් හි Group Health නව විසඳුම මගින් සේවායෝජකයාට හා සේවකයාට පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා දෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

    ‘‘ජීවිත රක්ෂණ විසඳුම් පිළිබඳ වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට හා ප‍්‍රවේශ වීමට ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමේ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සමස්ත දැක්මේ කොටසක් ලෙස මෙම Group Health විසඳුම පෙන්වා දිය හැකියි. එමෙන්ම සේවකයින්ට සබඳතා රහිත, මුදල් භාවිතයෙන් තොරව හා ප‍්‍රතිපූර්ණ හිමිකම් ඉල්ලා සිටීමට මෙමගින් හැකියාව ලැබෙන නිසා කාලය හා ශ‍්‍රමයද ඉතිරි කරගැනීමට හැකිවනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    යූනියන් ඇෂුවරන්ස් ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි. ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින් රුපියල් බිලියන 18 ක වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණයක්, රුපියල් බිලියන 42 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 2021 පෙබරවාරි මාසය වන විට 325% ක ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ‍්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය ජීවිත රක්ෂණ සමාගම් අතර අංක 1 ලෙස යූනියන් ඇෂුවරන්ස් මෑතකදී පිළිගැනීමට ලක් කරන ලද අතර රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT) සඳහා 2020 වසරේ වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවටද පත් විය. දිවයින පුරා විසිරුණු ශාඛා 75 ක් සහ 3,500 කට අධික ශක්තිමත් හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙන අතරම පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප‍්‍රවේශයක් අනුගමනය කරමින් මානව සම්පත්, සේවාවන් හා ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරමින් සිටී.
    Image 1: යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා