ශ්‍රී ලංකාවේ “හොඳම ළදරු සත්කාරක සන්නාමය – 2023” ජාත්‍යන්තර සම්මානයෙන් බේබි ෂෙරමි පිදුම් ලබයි

    September, 19, 2023

    ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා දීම සඳහා බේබි ෂෙරමි හි  නොසැලෙන කැපවීම මෙම සම්මානයෙන් පිළිඹිබු කරයි.

    හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ළදරු සත්කාරක අංශයේ අලෙවි ප්‍රධානී, අස්මාරා මනන් මහත්මිය, "එක්සත් රාජධානියේ Global Brand Magazine වෙතින්, 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක වෙළෙඳ සම්මානය බවට පාත්‍ර වීම, බේබි ෂෙරමි සිය නිෂ්පාදනයන් හි ගුණාත්මක බව හා නවෝත්පාදන‍ය කෙරෙහි අඛණ්ඩව හා නොපසුබටව අවධානය යොමු  කරනු ලබන බවට කදිම සාක්ෂියක්. ජාත්‍යන්තර වේදිකාවක බේබි ෂෙරමි මෙසේ සම්මානයට පාත්‍ර වීම අපට ඉතා ගෞරවයක්. අප සමඟ නිරතුරුවම රැඳී සිටි අපගේ පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසයට අපි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා" යනුවෙන්  මෙම ජයග්‍රහණය පිළිබඳ සිය සාඩම්බර සතුට පළ කරමින් පවසා සිටියාය.

    කර්මාන්ත අතරින් අපක්ෂපාතීව සන්නාම තෝරා ගැනීම සඳහා සුප්‍රසිද්ධ, ලොව විශාලතම සන්නාම ප්‍රකාශන අතරින් එකක් වන, Global Brands Magazine,  එක්සත් රාජධානියේ පිහිටි සම්මාන ප්‍රදානය කරන ආයතනයකි. සමස්ත කාණ්ඩයන් 28ක් හරහා තෝරා ගත් මෙම සම්මාන මඟින්, දැනට ස්ථාපිත කර ඇති ගෝලීය සන්නාම රැසක් හඳුනා ගෙන ඇති අතර එය පාරිභෝගිකයින් අතර එම සන්නාමයන්ගේ  ස්ථාවරත්වය තහවුරු කිරීමකි. මෙම වසරේ වෙළෙඳ අංශයේ සම්මාන සඳහා විවිධ කාණ්ඩ හරහා එම අංශයේ හොඳම සන්නාම හඳුනා ගෙන බොහෝ සන්නාමයන් ඇගයීමට ලක් කර ඇත. සලකා බලන වෙළඳ නාමවලට අදාළ ලේඛන සහ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත පරීක්ෂා කරමින් එක්සත් රාජධානියේ Global Brand Magazineහි විනිශ්චය මණ්ඩලය විසින් පුළුල් තක්සේරුවක් සිදු කරන ලදි. මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අරමුණ වන්නේ  සන්නාමයන්ගේ කැපී පෙනෙන කාර්ය සාධනය සැමරීම, එම සේවා සැපයීමට ගෞරවයක් එක් කිරීම හා අසමසම ගෝලීය පිළිගැනීමක් ලබා දීමයි.

    දරුවන් සඳහා සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ අරමුණ මූලික කර ගත් වැඩසටහන් රැසක් බේබි ෂෙරමි විසින් මෑතක දී ආරම්භ කරන ලදී. මෙම උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් 'දරු පැටියාට සුරක්ෂිත ලොවක්' යන තේමාව පෙරදැරි කර ගත් මාපිය අධ්‍යාපනික වැඩසටහන ඇතුළු බොහෝ මුලපිරීම් දියත් කර තිබේ. තවද, ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ උසස් තත්ත්වයේ ළදරු ආරක්ෂණ නිෂ්පාදන නව්‍යකරණය කිරීමේ අරමුණ ඇතිව බේබි ෂෙරමි Safety Institute හඳුන්වා දෙන ලදී. ළදරු සත්කාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කැප වූ අති නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් මෙම ආයතනය සමන්විත වේ.

    නිෂ්පාදනයන් හි සුරක්ෂිතභාවයේ දිනෙන් දින වෙනස් වන ස්වභාවය ඉතා හොඳින් අවබෝධ කර ගෙන  සිටින බේබි ෂෙරමි Safety Institute එක හරහා, ළදරු නිෂ්පාදනයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා සන්නාමයේ කැප වීම තහවුරු කිරීමේ සාක්ෂියකි. මෙම අරමුණ මත පදනම් වූ Safety Institute මුලපිරීම මඟින් ළදරුවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත ළදරු නිෂ්පාදන සැපයීම සඳහා පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වා දෙන ලදී. මෙම පියවර අටේ ආරක්ෂණ ක්‍රියාවලියට පාරිභෝගිකයින් සමඟ  නිෂ්පාදන සම-නිර්මාණය  කිරීම, අමුද්‍රව්‍ය  ප්‍රවේශමෙන් තෝරා ගැනීම, අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්‍රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම, නිෂ්පාදන ආරක්‍ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්‍රියාවලිය  අයත් වේ.

    හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා, "වසර 60කට අධික කාලයක් පුරා අපගේ පාරිභෝගිකයන්ට ආරක්ෂිත සහ විශ්වාසනීය ළදරු සත්කාරක නිෂ්පාදන සැපයීම වෙනුවෙන් බේබි ෂෙරමි හි නොසැලෙන කැපවීම පිළිබඳව මෙම ජාත්‍යන්තර ඇගයුම සාක්ෂි දරනවා. ළදරු සත්කාරක නිෂ්පාදන වෙළෙඳ පොළ ප්‍රමුඛයා හා ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත් ළදරු සත්කාරක සන්නාමය ලෙස බේබි ෂෙරමි ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා" යනුවෙන් සඳහන් කළේය.

    වෙළෙඳ අංශය යටතේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක සම්මානය බේබි  ෂෙරමි විසින් දිනා ගැනීම තුළින් විශිෂ්ටත්වය සඳහා සන්නාමයේ ඇති කැපවීම, නවෝත්පාදනය සහ නොසැලෙන පාරිභෝගික තෘප්තිය අවධාරණය කරයි.

    ළදරු සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කඩඉම ඉහළ නංවමින් සිටින බේබි ෂෙරමි වෙත ලැබුණු මෙම කීර්තිමත් සම්මානය, කර්මාන්තය සඳහා නව ප්‍රමිතියක් ඇති කිරීමේ සුවිශේෂී සළකුණක් ලෙස ක්‍රියා කරයි.