May, 19, 2026
Vertex HD Distribution විසින් පරිගණක උපාංග, පරිගණක ක්‍රීඩා උපකරණ, දත්ත ගබඩා නිෂ්පාදන සහ බහුමාධ්‍ය තාක්‍ෂණ විසඳුම් සඳහා විශේෂිත වූ ගෝලීය වශයෙන් පිළිගත් සන්නාම කිහිපයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ඒ අතර Verbatim, Marvo, Microlab, Bestoss සහ Synomax යන ජාත්‍යන්තර වෙළඳ නාම විශේෂ ස්ථානයක් ගනී.
මෙම නිෂ්පාදන හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ගේමින් ක්ෂේත්‍රයට ආකර්ෂණය වූ පාරිභෝගිකයන්ට සහ වෘත්තීය පරිශීලකයන් සඳහා උසස් තත්ත්වයේ තාක්ෂණික අත්දැකීමක් ලබා දීමට සමාගම බලාපොරොත්තු වෙයි. නවීන තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා විශ්වාසදායක සහ ගුණාත්මක නිෂ්පාදන වෙළඳපොළට සැපයීමද සමාගමේ තවත් අරමුණකි.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ IT ක්ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති ව්‍යාපාරිකයකු වන රිස්ලි ඉර්ෂාද් මහතායි. මේ වන විට ඔහු තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධුර හොබවන අතර, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ තාක්ෂණික වෙළඳපොළ තුළ විශ්වාසය දිනාගත් ව්‍යාපාරිකයකු ලෙස ද පිළිගැනීමට පාත්‍ර වී ඇත. ඔහුගේ නායකත්වය යටතේ Vertex HD Distribution සමාගම ශ්‍රී ලංකාවේ IT බෙදාහැරීමේ ක්ෂේත්‍රයට නව වෘත්තීයමය මට්ටමක් ගෙන එනු ඇතැයි කර්මාන්ත විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස කටයුතු කරන්නේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ෆර්හාන් මුක්තාර් මහතායි. ව්‍යාපාර සංවර්ධනය, මෙහෙයුම් කළමනාකරණය සහ ව්‍යාපාරික සබඳතා පිළිබඳ ඔහුගේ පුළුල් අත්දැකීම් සමාගමේ රටපුරා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට සහ පාරිභෝගික සේවාව ඉහළ නැංවීමට මහත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි සඳහන් වේ.
Vertex HD Distribution සමාගමේ කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කළේ ගුණාත්මක සහ මුල් නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දීම තම ප්‍රධාන ඉලක්කය බවයි. තවද විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබා දීම මෙන්ම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ගේමින් සහ ඩිජිටල් ජීවන රටාවට සහයෝගය ලබා දීමද සමාගමේ අරමුණක් ලෙස දැක්වේ. කර්මාන්ත විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පරිගණක උපාංග, ගේමින් උපකරණ සහ දත්ත ගබඩා නිෂ්පාදන සඳහා ඉහළ යන ඉල්ලුමත් සමඟ Vertex HD Distribution ආරම්භය ශ්‍රී ලංකාවේ IT ක්ෂේත්‍රයට වැදගත් අවස්ථාවක් බවයි.
Video Story