ශ්‍රී ලංකාව ගිය අඩි පාරේ ඝානාවත් යයි. ණය ගෙවීම් පැහැර හරී

    December, 20, 2022

    බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාව සිය බාහිර ණය ගෙවීම් පැහැර හැරීමට කටයුතු කර තිබේ.

    ඊයේ (19) දින ඝානාව, සිය බාහිර ණයවලින් වැඩි ප්‍රමාණයක් සඳහා ගෙවීම් අත්හිටුවා ඇති බවත්, ඔවුන් සිය ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම වෙනුවෙන් බරපතල අරගලයක යෙදී සිටින බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී.

    ඝානාවේ මුදල් අමාත්‍යාංශය කියා සිටියේ එහි යුරෝ බැඳුම්කර, වාණිජ ණය සහ බොහෝ ද්විපාර්ශ්වික ණය ඇතුළු ණය සේවා නොකරනු ඇති බවයි.

    "ඝානාවේ ණය තිරසාර කිරීම සඳහා එහි සියලුම බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම්" බව එහි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සතියේ දී ඩොලර් බිලියන 3ක කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමට ඝානාව කටයුතු කර ඇති පසුබිමක මෙම ණය ගෙවීම අත්හිටුවීම හරහා එරට ආර්ථිකයේ අස්ථාවර තත්ත්වය පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

    මේ අතර 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව ද සිය බාහිර ණය ගෙවීම් අත්හිටුවනු ලබන බව නිවේදනය කර සිටියේය.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates