September, 1, 2023
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය අද (01) වාර්තා කර සිටී.
පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂ Mesbaul Haque පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවයි.
New Age Business මේ බව වාර්තා කර ඇත.
Video Story