ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,”TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023″ පැවැත්වේ

    March, 28, 2023

    අධ්යාපන අමාත්යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්රත්යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල  (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සහයෝගයෙන්, "පුද්ගලික අංශය සඳහා නව්ය ප්රවේශයන් ප්රදර්ශනය කිරීම සහ ශ්රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ" ව්යාපෘතිය ක්රියාවට නැංවීම සඳහා එක්ව කටයුතු කරයි. තාක්ෂණික හා වෘත්තීය අධ්යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්රදායික නොවන සහ නැගීඑන අංශවල සහභාගීත්වය ප්රවර්ධනය කරමින් පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම ව්යාපෘතියේ අරමුණ වී තිබේ. එහිදී, කාන්තා කළමනාකාරණ ආයතනය (Women in Management - WIM) සමඟ සහයෝගීතාවයෙන් යුතුවමෙම ව්යාපෘතිය තුළින් දිවයින පුරා දිස්ත්රික්ක 14ක සිටින තරුණ ග්රාමීය කාන්තා ව්යවසායකයන් හඳුනාගැනීම සහ අගය කිරීම සම්මන්ත්රණ හා සම්මාන ප්රදානෝත්සවයන් හරහා සිදුවිය.

    ඒ අනුවමෙම ව්යාපෘතියේ ප්රතිලාභීන් දිරිමත් කිරීම සහ දිරිගැන්වීම සඳහා TVET සම්මන්ත්රණය සහ සම්මාන ප්රදානෝත්සවය 2023 මාර්තු 22 වැනි දින කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයන්පෞද්ගලික අංශයේ ප්රධානීන් සහ රාජ්ය අංශයේ පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට එක්වූහ. මෙම සමුළුව අතරතුර රැකියා සහ ව්යවසායකත්වය සඳහා වන ගෝලීය වෙළෙඳපොළ ප්රවණතා පිළිබඳව ප්රමුඛතම ව්යාපාර නායකයන් ගණනාවක් සාකච්ඡා කළහ. TVET වැඩසටහන යටතේ පසුගිය වසර හතර තුළ ඔවුන් ලබා ඇති ප්රගතිය වෙනුවෙන් TVET තරුණ ප්රතිලාභීන් 49දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්වීමද එහිදී සිදුවිය.

    ව්යාපෘතිය සහ සම්මාන ප්රදානෝත්සවය පිළිබඳව අදහස් දක්වමින් අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා මෙසේ  පවසා සිටියේය. "TVET අධ්යාපනය, ඉල්ලුම මත පදනම් විය යුතුයි. ඒ වගේම, TVET පුහුණුව සපයන්නන් කර්මාන්තයේ ගතිකත්වයට ප්රතිචාර දැක්විය යුතුයි. විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ ලෝකයට ගැළපෙන වඩාත් දක්ෂ ශ්රම බලකායක් සැපයීම වෙනුවෙන්, පරිසරයේ වෙනස්වීම්වලට වඩා ප්රතිචාර දැක්වීමට පුහුණුව සපයන්නන් සඳහා අප පහසුකම් සපයනවා."

    එමෙන්ම, අධ්යාපන අමාත්යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා අවධාරණය කළේ, "රජයේ හෝ පෞද්ගලික අංශයෙන් පන්නරය ලබා TVET උපාධිධාරියෙකු වෘත්තිකයන්ගේ ලෝකයට ඇතුළු වනවිට ඔවුන්ගේ ක්ෂේත්රය තුළ ඔවුන්ට ඉහළ නිපුණතාවයක් තිබිය යුතුයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික නිපුණතා ප්රමිතීන් (NCSs), විෂයමාලා සහ පුහුණු ක්රමවේදයන් ඒකාබද්ධ පද්ධතියක් මගින් නියාමනය කර සහතික කළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.

    මෙවර සම්මාන ප්රදානෝත්සවයේදී ජාතික ජයග්රාහකයන් 8දෙනෙකු ඇගයීමට ලක්විය. ආරම්භක ව්යාපාරයන් වශයෙන්කේ.. වාසනා සෙව්වන්දි (Seha Fashion) - රටා නිර්මාණයආර්.එම්.ඩී.එස්. රාජපක්ෂ (Travel Insider Sri Lanka) - සංචාරක සහ ආර්.එම්.සී.ආර්. රත්නායක (RM Shoes) - සම් නිෂ්පාදන යන අංශයන් ඇගයීමට ලක්වූහ. ව්යාපාරය පුළුල් කිරීම් වශයෙන්ආර්.එස්. ඩිල්මා සාගරිකා දිසානායක (D Seams Fashion & Academy) - රටා නිර්මාණකරණයඑන්.ඩීනිෂිකා සංජීවනී (Last Long Shoe Products) - ලෙදර් නිෂ්පාදනඅන්නම්ස් (Anams Architecture Design and Construction) - ඉදිකිරීම්ඩෙල්සිකා සත්යනාදන් (Luck Architecture Development) - ඉදිකිරීම් සහ පී.ආර්ලක්ෂිලා සඳමාලි ජයතිලක (Hi Tech Engineering) - සැලසුම්කරු යන අංශයන්ගෙන් ඇගයීමට ලක්වූහ. තවත් ආරම්භක ව්යාපාර ආයතන 22ක් සහ ව්යාපාර පුළුල් කිරීමේ දිස්ත්රික් ජයග්රාහකයින් 19දෙනෙකුද ඇගයීමට ලක්විය.

    "පෞද්ගලික අංශය සඳහා නව්ය ප්රවේශයන් ප්රදර්ශනය කිරීම සහ ශ්රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ" ව්යාපෘතිය විවිධ අභියෝග මධ්යයේ වුවද සැලකිය යුතු ජයග්රහණ ලබා ඇත. නිපුණතා අංශ කවුන්සිල පහක් (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණසංචාරකඉදිකිරීම්නිෂ්පාදන සහ කෘෂිකර්ම) සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීමෙන් ව්යාපෘතිය සාර්ථක වී ඇත. මීට අමතරවව්යාපෘතිය මගින් සාම්ප්රදායික නොවන අංශවල තරුණ කාන්තා ව්යවසායකයන් 1,486දෙනෙකුට අධික සංඛ්යාවකට ව්යවසායකත්ව පුහුණුව සහ මූල්ය ආධාර ලබා දී ඇත. ව්යාපාර ආරම්භ කිරීම සහ පුළුල් කිරීම සඳහා කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් 700ක් සඳහා රුපියල් මිලියන 165කට අධික ප්රදාන ලබාදීමද සිදුකර ඇත.

    මෙහි විශේෂත්වයන් වන්නේව්යාපෘතියේ ප්රතිලාභීන් කැපී පෙනෙන සහ නව්ය ව්යාපාරික ප්රවේශයන් සහ අදහස් ප්රදර්ශනය කිරීම සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර බොහොමයක් තිරසාර ආදර්ශ බවට පත්ව තිබීමය. එසේම, ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට ආශ්වාදයක් ලෙස ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන්මගද ප්රදර්ශනය කිරීමද සිදුකර ඇත. එහිදී, මේ හා සම්බන්ධ වූ තරුණ කාන්තා ව්යවසායකයන් ක්ෂේත්ර ගණනාවක ව්යාපාර ආරම්භ කර ඇත. ඒ සිමෙන්ති ගඩොල් සෑදීමසම් සපත්තු සෑදීමගෘහ නිර්මාණ ශිල්පය සහ ඉංජිනේරුඉදිකිරීම්විදුලි වැඩපරිගණක දෘඩාංගවානේ වැඩමෝටර් රථ සහ ගරාජ් සේවාවඩු වැඩ සහ වෙනත් ආදී වශයෙනි. එහිදී, සහයෝගයෙන් එක්ව කටයුතු කරමින්ව්යාපෘතියේ නායකයන් සහ ප්රවර්ධකයන් ශ්රී ලංකාවේ අඩු වරප්රසාද ලත් තරුණ තරුණියන්ගේ ජීවිත පරිවර්තනය කිරීමට සහ ශ්රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා ඇති බාධක බිඳ දැමීමට අඛණ්ඩව අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසා සිටියි.

    Video Story

    Stock Market

    Exchange Rates