ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සිය අංක 1 ස්ථානය තවදුරටත් තහවුරු කර ගනියි

    May, 7, 2026

    ශ්රී ලංකාවේ රුපියල් බිලියන 30 දළ ලිඛිත වාරික (GWP) අගය ඉක්ම වූ පළමු සාමාන් රක්ෂණ සමාගම බවට පත් වේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (Gross Written Premium - GWP) අගයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත්ව ඇත. මෙම ජයග්‍රාහී සන්ධිස්ථානය රක්ෂණ ක්ෂේත්‍රය තුළ නව මිණුම් ලකුණක් සනිටුහන් කරන අතර, එමඟින් SLIC General සතු අද්විතීය ශක්තිය, විශ්වසනීයත්වය සහ පාරිභෝගික විශ්වාසය මැනවින් විදහා දක්වනු ලබයි.

    මෙම වාර්තාගත කාර්ය සාධනයට අමතරව, 2024 වසරේ සිට සිය නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළ තුළ සිය අංක 1 ස්ථානය තහවුරු කර ගැනීමට SLIC General සමත් වී  ඇත. 2025 වසර සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරමින්, සමාගම සිය තරඟකරුවන් සමග පවතින පරතරය තවත් අභිබවා යමින්, රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර තිබේ.

    දිවයින පුරා සාමාන්‍ය රක්ෂණ සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ද අවිවාදිත ප්‍රමුඛයා වන්නේ SLIC General සමාගමයි. ජාතියේ රක්ෂණකරු ලෙස පුද්ගලයන්, පවුල් සහ ව්‍යාපාර සඳහා ආරක්ෂාව මෙන්ම සිය ප්‍රජාවන්ගේ මානසික නිදහස සලසා දෙමින් හා සමස්ත ජාතියම සුරක්ෂිත කිරීමේ මෙහෙවර SLIC General සතු වේ.

    මෝටර් රථ සහ පුද්ගලික අනතුරු රක්ෂණය, නිවාස රක්ෂණය, සංචාරක රක්ෂණය සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු පුළුල් රක්ෂණ විසඳුම් රැසක් හරහා, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දැරිය හැකි සහ පහසුවෙන් සේවාවන් වෙත ප්‍රවේශ වීමේ සහතිකය  සහ විශ්වසනීයත්වයක් මේ තුළින් ලබා දෙනු ඇත.

    සිය ප්‍රධානතම සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන සහ රාජ්‍ය ආයතන සමඟ පවතින සහයෝගීතාවයන් හරහා, අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සඳහා ද සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට SLIC General කටයුතු කරන අතරම, ඒ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තේරීම ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.

    තවද, ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වූ A+ ජාතික රක්ෂණ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් පිරිනැමූ ගෞරව සම්මානය A+ (lka) ද SLIC General වෙත හිමි වී ඇත. එමෙන්ම, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් (Brand Finance) විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ වටිනාම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ද ඇගයීමට ලක් කර තිබේ.

    මෙම ජයග්‍රහණයන් තුළින් නවෝත්පාදනය, පාරිභෝගික ප්‍රමුඛතාවය සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් SLIC General විසින් දක්වනු ලබන අඛණ්ඩ කැපවීම මානාව ඉස්මතු කරයි. නායකත්වයේ උරුමය සහ අනාගත දැක්මක් සමඟින් SLIC General, සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත විශ්වාසය, සුව පහසුව සහ රැකවරණය තවදුරටත් ලබා දේ.

    ප්‍රජාවන් වෙත සේවාවන් සැපයීමේදී දක්වනු ලබන ප්‍රමුඛතාවය තවදුරටත් තහවුරු කරමින්, SLIC General අප්‍රේල් 22 වන දින දිවයින පුරා පිහිටි සියලුම ශාඛා 142ම එක්ව, ඒ ඒ ප්‍රදේශ කේන්ද්‍රව ක්‍රියාත්මක වෙමින් ක්ෂේත්‍ර ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී. නිවස සුරක්ෂිත කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම, ගමන් බිමන් වලදී සුරක්ෂිතභාවය සහතික කිරීම හා  පුද්ගල අනතුරු වලින් ආරක්ෂාව වීම ආදී ඕනෑම ක්ෂේත්‍රයක, රක්ෂණයක් තිබීම හරහා ලැබෙන මානසික නිදහස පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින්, එම ප්‍රජාවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ශාඛා කණ්ඩායම් කටයුතු කළේය.

    රක්ෂණය යනු සුඛෝපභෝගීත්වය දනවන දෙයක් නොව අත්‍යවශ්‍යතාවයක් බවත්, ඒ මගින් සැලසෙන සුරක්ෂිතභාවය භුක්ති විඳීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අයිතියක් ඇති බව මෙම වැඩසටහන මගින් මැනවින් පිළිබිඹු කෙරුණු බව SLIC General හි විශ්වාසයි.