ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 227 ක් ප‍්‍රදානය කරයි

    July, 21, 2026

    • 2026 වර්ෂය සඳහා මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන3ක්

    ජූලි 17, 2026 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කරගනිමින් ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන ප‍්‍රජාවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරන වගකිවයුතු ආයතනයකි.

    SLIC ලයිෆ් විසින් රට පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 දී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමය මේ දක්වා රු. මිලියන 265කට වඩා වටිනාකමකින් යුත් මූල්‍යමය ශිෂ්‍යත්ව 2425ක ප‍්‍රමාණයක් ප‍්‍රදානය කර ඇති අතර මෙවර 2024 වර්ෂයේ 5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 227 දෙනෙකුට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන ලදී. විභාග තුනෙන්ම ඉහළම ශ්‍රේණිගත කිරීම් මත සිසුන් 75ක් තෝරා ගත් අතර මුළු සිසුන් සංඛ්‍යාව 227 ක් වේ. 5 ශේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ, දිස්ත‍්‍රික් ජයග‍්‍රහණ අනුව සුදුසුකම් ලබා ගත් අය තෝරා ගන්නා ලද අතර අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන් සඳහා ජාතික මට්ටමේ ජයග‍්‍රහණ මත තෝරා ගැනීම් සිදු කරන ලදී.

    ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ හිමියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය ඇගයීමට සහ දිරිගැන්වීමට ‘ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව‘ වැඩසටහන 2014 වසරේදී ආරම්භ කළේය. එතැන් සිට මේ දක්වා රුපියල් මිලියන 265කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2,425කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රදානය කර ඇත. මෙවර, 2024 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගයන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 227 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමේ. ඒ අනුව, 5 ශේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 77 දෙනෙකු, සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 70 දෙනෙකු සහ උසස් පෙළ විභාගයෙන් සිසුන් 74 දෙනෙකු ශිෂ්‍යත්ව සඳහා තෝරාගෙන ඇත. මීට අමතරව, 2024 උසස් පෙළ විභාගයේ ජාතික මට්ටමින් ප‍්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් සිසුන් හය දෙනෙකුට ද මෙම වසරේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විශේෂ ඇගයීමක් සිදු කෙරේ.

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වලාභීන් දිස්ත‍්‍රික් මට්ටමේ දක්ෂතා පදනම් කරගෙන තෝරාගෙන ඇති අතර, උසස් පෙළ ශිෂ්‍යත්වලාභීන් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ සැලකිල්ලට ගනිමින් තෝරාගෙන ඇත.

    ඒ අනුව රු. 20,000 ක් බැගින් වසර පහක් ද, රු. 40,000 ක් බැගින් වසර දෙකක් ද, රු. 50,000 ක්  බැගින් වසර තුනක් ද පිළිවෙලින්  5 වසර  ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබු සිසුන් සඳහා ප‍්‍රදානය කරන ලදි. මීට අමතරව, 2026 වසරේදී SLIC Life තම රක්ෂණ හිමිකරුවන්ට පමණක් සීමා නොවී, විශිෂ්ට අධ්‍යාපනික දක්ෂතා ඇගයීම සඳහා සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන තවදුරටත් පුළුල් කර ඇත. ඒ අනුව, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජාතික මට්ටමේ ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් සඳහා එක්වරක් පමණක් ලබාදෙන රුපියල් 150,000 ක ශිෂ්‍යත්වයක් පිරිනමන ලදි. ඒ අනුව මෙවර සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා වෙන් කර ඇති මුළු වටිනාකම රු. මිලියන 25.3ක් වේ.

    ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 2026 ජූලි 17 වන දින කොළඹ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු අතර මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි සභාපති තුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන නිලධාරීන්  සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුලූ ශිෂ්‍යත්ව ලාභී සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී විය.

    ‘පියෙකු මෙන් මවකු මෙන්‘ යන සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රටේ අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇති අතර ඒ තුලින් මෙරට ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

    ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණාවරණයක් අලූත උපන් බිළිඳුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ළමා දිනයෙදී උපත ලබන සියලූම දරුවන්ගේ දෙමාපියන්ට 2007 වර්ෂයේ සිට නොමිලේ ප‍්‍රදානය කිරීමට කටයුතු කර ඇත. ‘පාසල් පිරියත සුරකිමු‘ වැඩ සටහන තුලින් දරුවන්ට ප‍්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප‍්‍රසාද සහිත පාසල් වලට  යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන තුලින් මේ දක්වා පාසල් 3365ක් ප‍්‍රතිලාභ ලබා ඇත. මීට අමතරව සංස්කෘතික පෙරහැරවල් සඳහා දායකත්වය ලබා දෙන අතර පොසොන් සමයේ අනුරාධපුර පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ට සේවා සැපයීමට බැඳී සිටින අතර මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අවුරුදු තිහකට අධික කාලයක් පුරාවට තම දායකත්වය ලබා දී තිබේ. මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප‍්‍රජාවන්ට සහාය වීම සඳහා සහන වැඩසටහන් සහ ජාතික පුනරුත්ථාපන වැඩසටහන් සඳහා දායකත්වයන් ලබා දීමට සමාගම කටයුතු කළේය.

    වසර 60 ක විශිෂ්ටත්වය  සමරන ශ‍්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්ල මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, සිය වත්කම් පදනම රුපියල් බිලියන 275ක් දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජිවිත රක්ෂණ අරමුදල ද රුපියල් බිලියන 247ක් දක්වා වර්ධනය කර ගන්නා ලද අතර මෙය රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාලතම ජිවිත රක්ෂණ අරමුදලයි.