ශ්‍රී ලංකා තැපෑලෙන් ඇමරිකානු තැපෑලට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් අස්ථානගත වෙලා

    April, 28, 2026

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද තැපැල් සේවය වෙත කරන ලද ඩොලර් හය ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් අදාළ මුදල් එක්සත් ජනපද තැපැල් සේවය වෙත නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

    “ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව Sri Lanka Post එක විදියට US Post එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතිනවා. ඒවා ආයතන මට්ටමින් අපි සිදුකරගන්න දේවල්. US Post එකට මුදල් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. එය කෙසේද සිදුවුණේ කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරගෙන යනවා. මම ඒක කිව්වේ ඒක මට සම්බන්ධ ආයතනයක් නිසා. මෙවැනි ආකාරයේ ආයතනයක් තුළ යම් දෝෂයක් පවතිනවා නම්, ආයතන මට්ටමින් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුකරමින් පවතිනවා.“

    Video Story

    Stock Market

    Exchange Rates