ශ්‍රී ලංකා ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනයට පියවර

    March, 26, 2024

    නෞකා ලියාපදිංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් වන අතර, ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහි කිරීමට විභවයක් පවතී.

    ශ්‍රී ලාංකීය ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය හා විදේශීය ආයතන වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා යෝජනා ලබා ගැනීමටත්, තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් එකී යෝජනා ඇගයීමට ලක් කර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ මත වඩාත් යෝග්‍යතම ආයතන තෝරා ගැනීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.