ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

    October, 6, 2023

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙනඑම අනතුරු වළක්වා ගන්නේ කෙසේදඅනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ දදරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන තිබේ.  සෑම පැය 04කට වරක්ම අනතුරු නිසා දරුවෙක් මිය යයි. සතියක දී දරුවන් 50ක් දමාසයක දී දරුවන් 215ක් ද වශයෙන්  ශ්‍රී ලංකාවේ දරුවන් අතර වන වළක්වා ගත හැකි අනතුරු නිසා ළමා මරණ සිදු වේ. නොසැලකිළිමත්බව හා නොදැනුවත්කම නිසා දරුවන්ට සිදු වන වළක්වා ගත හැකි අනතුරු නිසා දෛනිකව වාර්තා වන  මරණ හා අනතුරු වළක්වා ගැනීම හා අවම කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.

    ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම වෘත්තීය වෛද්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයමහජන සෞඛ්‍ය වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට හා ගුණාත්මක බවින් යුතු සේවයක් සැපයීමට කටයුතු කරයි.  60 වසරකට අධික පාරිභෝගික විශ්වාසය දිනා ගත්  බේබි ෂෙරමි ළදරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම මූලික අරමුණ  කර ගනිමින් කටයුතු කරන ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමයයි.

    ශ්‍රී ලංකාවේ ළමුන් අතර සිදු වන මරණ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන අනතුරු ලෙස ශ්‍රේණිගත කර ඇත්තේප්‍රවාහන අනතුරුදියේ ගිලීම්වැටීම්පිළිස්සීම්සහ විස ශරීරගත වීම යන හේතූන් ය. බාහිර තුවාලබල්ලන්ගේ සපා කෑම්අස්ථි බිදීම් හා පැනීම් යනාදී වශයෙන් අනතුරු හා තුවාලවල විවිධ ස්වභාවයන් දැක ගත හැකියි. 2022 වසරේ දී මාර්ග අනතුරු හේතුවෙන් දරුවන් 2713 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. මෙවැනි බරපතල අනතුරුවලට මුහුණු දුන් දරුවන් එහි අතුරු ඵලයන් ලෙස දිගු කාලීන ආබාධිත තත්වයන්ගෙන් සහ සුව නොවන වේදනාවන්ගෙන් සිය ජීවිත කාලය පුරාවට පීඩා විඳියි. මෙය දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කරවන සහ ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් කරන්නකි.  අනතුරුවලින් 47%ක් වන වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස අවුරුදු 10-14 වයස් කාණ්ඩයේ ළමුන් අතර සිදු වන අනතුරුවලිනි. අවුරුදු 5-9 අතර වයස් කාණ්ඩයේ දරුවන් අතර සිදු වන අනතුරුසමස්ත අනතුරුවලින් 19%ක ප්‍රතිශතයක් වේ. රුපියල් මිලියන 1100ක රාජ්‍ය අරමුදලින් රුපියල් මිලියන 1100ක මුදල මොවුන්ගේ ප්‍රතිකාර සඳහා වැය කර ඇත.

    මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිවෛද්‍ය ශිරෝමි මාදුවගේ  මහත්මිය, “ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයබේබි ෂෙරමි සමඟ එකට එක්වදරුවන් අතර අනතුරු වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම,  ආබාධ වළක්වා ගැනීම හා මරණ අවම කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. මෙම සහයෝගීතාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟින්අපි නිතරම අපේ දරුවන්ව  ආරක්ෂිතව තබා ගන්නේ  කෙසේ ද යන්න පිළිබඳව තොරතුරු බෙදා දෙන  ක්‍රියාකාරකම් මාලාවක් ද දියත් කරනවා. අපේ මූලිකම අරමුණඋසස් මට්ටමේ රැකවරණයක් සමඟින් මහජන සෞඛ්‍ය මුලපිරීමවලට සහය දෙමින් මහජන සෞඛ්‍ය නගා සිටුවීමයි.  සෑම විටම දරුවාගේ ආරක්ෂාව සහතික කළ හැකි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සහයෝගීතාව තුළින් අපි එළි දක්වනවා" යනුවෙන් සිය අදහස් දැක්වීය.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ මිලග සභාපති වෛද්‍ය කපිල ජයරත්න මහතා, “සෑම වසරකම වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයෙන්260,000කට අධික පිරිසක් අනතුරුවලට ලක්ව රෝහල්වලට ඇතුළත් කරනවා. ළමුන් අතර වන අනතුරු ආශ්‍රිත මරණවලින් බොහෝමයක් සිදු වන්නේ රෝහල්වලින් පිටත දී. දෙමව්පිය වැඩිහිටියන්  අනතුරු පිළිබඳව හැකි සෑම විටම සුපරීක්ෂාකාරීව සිටීමේ ඇති වැදගත්කම  හා අවශ්‍යතාව පිළිබඳව මින් පෙනී යනවා. ළමුන් අතර සිදු වන අනතුරු වැළැක්වීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීම අත්‍යවශ්‍යම දෙයකි. අනතුරු සිදු වීම වැළැක්වීමට අපි පියවර ගන්නා අතර තුරදරුවන්ට නිර්මාණශීලී වීමටක්‍රීඩා කිරීමට සහ ඔවුන්ගේ අවට පරිසරය ගවේෂණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. දරුවන්ට සමීපවසුපරික්ෂාකාරිව සිටීමෙන් අනතුරු සිදු වීම වළක්වා ගන්න පුළුවන්. අපි අපගේ  දැනුම හා අත්දැකීම් මෙම  වැඩසටහන හරහා බෙදා හදා ගැනීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා.  ළමුන්ව ආරක්ෂා කර ගැනීමේ වැඩිහිටියන් සතු වගකීම තවදුරටත් සමාජය අතර බෙදා ගනිමින් දිවයින පුරා මෙම පණිවිඩය ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා." ලෙස කරුණු දැක්වීය.

    Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා “දරුවන් අතර සිදු වන අනතුරු හා මරණවලට ප්‍රධානතම කරුණ වන්නේ දෙමාපිය වැඩිහිටියන් අතර ඒ පිළිබඳව පවතින අවබෝධයක් නොමැතිකම සහ නොසැළකිල්ලයි.  මෙය ඉතාමත් කණගාටුදායක කරුණක්. මේ නිසා බේබි ෂෙරමි දරුවන්ට සුරක්ෂිත ලොවක් තහවුරු කිරීමේ  තම සන්නාමයේ අරමුණු මූලික කර  ගනිමින් දෙමාපියන්වැඩිහිටියන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ළමා ආරක්ෂණ පිළිබඳ දැනුම හා දැනුවත්භාවය ඉහළ නැංවීමට කටයුතු කරනවා. දරුවන්ව නිවස තුළ සහ පිටතින් ඇති විය හැකි උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමව්පියන් හා වැඩිහිටියනන් වෙත නිවැරදි සහ විද්‍යාත්මක උපදෙස් ලබා දෙන  ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දරුවන් අනතුරුවලට ලක් වීමට හේතු පිළිබඳව දැනුවත් කිරීම සහ අනතුරු වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීමෙන් ඒවා වළක්වා ගත හැකි ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස් බෙදා ගැනීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා බේබි ෂෙරමි විසින් නිවාස අනතුරු වැළැක්වීමේ මාර්ගෝපදේශ පොත් බෙදා හැරීමආරක්ෂිත පියවර අඩංගු පෝස්ටර් ව්‍යාපාරයක් සහ ළමා අනතුරු වැළැක්වීම පිළිබඳ ඩිජිටල් මාධයෙන් දැනුවත් කිරීම් වැඩසටහන් මාලාවක් ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් දියත් කිරීමට අදහස් කරගෙන සිටිනවා” ලෙස සිය අදහස් දැක්වීය.

    බේබි ෂෙරමිරාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්අවශ්‍ය සම්පත් එකතු කර ගනිමින් අනාගත පරම්පරාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට කැප වී සිටියි. මෙම වැඩසටහන මගින් මෙරට සිදු වන ළමා මරණඅනතුරු සහ ආබාධවල සංඛ්‍යාත්මක දත්ත අඛණ්ඩව අධීක්ෂණය කරමින් එම අනතුරු අවම කිරීමට ගෙන ඇති  වැඩසටහන්වල සාර්ථකත්වය සහතික කරනු ඇත.

    ළදරුවන් සඳහා ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා බේබි ෂෙරමි හි  කැපවීමගැබිනි මව්වරුන් සහ පියවරුන් සඳහා සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන්,  දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීමමාපිය මාර්ගෝපදේශ පොත් නිර්මාණය කිරීම සහ බෙදා හැරීමඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා විශේෂඥයින් ප්‍රමුඛ අධ්‍යාපනික  වැඩසටහන් පැවැත්වීම ඇතුළත් ඔවුන්ගේ නොයෙකුත් අතීත ව්‍යාපෘති තුළින් පැහැදිලි වේ.

    දංකොටුවේ පිහිටි බේබි ෂෙරමි Safety Institute හි පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ ළදරු ආරක්ෂණ වෙළඳපොළ තුළ ආරක්ෂිත ප්‍රමිතීන් ස්ථාපිත කරමින් ළදරුවන්ට ආරක්ෂිතම නිෂ්පාදන ලබා දීමට  සන්නාමය පියවර ගනිමින් සිටින අතර එමඟින් ළදරු නිෂ්පාදනවලට ඉහල ප්‍රමිතියක් ස්ථාපිත කරයි.  මෙම නොයෙකුත් උත්සාහයන් මඟින් අනාගත පරම්පරාවේ සුරක්ෂිත බව  සඳහා සමාගමේ කැපවීම අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවේ  මාතෘ හා ළමා සෞඛ්‍ය  සංරක්ෂණය ,ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය තම  ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා, ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන අතර, මෙම කර්තව්‍යයන් තුළින් ජනතාවගේ ජිවිත සුරක්ෂිතතාවය වෙනුවෙන්  හා ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය තත්වයන් ඉහළ නැංවීමට විශාල  දායකත්වයක් සපයයි