ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණයේදී රොහාන් ද සිල්වා නිතරගයෙන් යළි සභාපති

    May, 30, 2023

    ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා යළි නිතරගයෙන් තේරී පත් විය. 2019 වසරේ සිට බැඩ්මින්ටන් ආයතනයේ අඛණ්ඩව සභාපතිධුරය හොබවන ඒ මහතා ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කිරීමට සහ ඉහළ නැංවීමට විශිෂ්ට දායකත්වයක් දැක්වීය.

    ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ඉදිරි කාලසීමාව සඳහා උපසභාපතිවරු 7 දෙනකු ද මෙහිදී තේරී පත් වූ අතර, නවක මුහුණු කිහිපයක්ම ඒ අතර වෙති. නව ලේකම්වරයා ලෙස අජිත් විජයසිංහ මහතා පත් වූ අතර, හිටපු භාණ්ඩාගාරික මංගල ගමගේ මහතාට නැවත එම තනතුර හිමි විය. උපලේකම්ධුරය සඳහා ජාලිය ජයසේකර මහතා සහ ඩබ්.පී.ජී.පුංචිහේවා මෙනෙවිය තේරී පත් වූ අතර, උපභාණ්ඩාගාරිකධුරයට හිටපු ජාතික ශුරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය සහ ආර්.එම්.එස්.ජී.රත්නායක මහතා පත් වූහ.

    බැඩ්මින්ටන් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.

    සභාපති - රොහාන් ද සිල්වා

    උපසභාපතිවරු - රොෂාන් ගුණවර්ධන , රොෂාන් ප්‍රනාන්දු, දිනේෂ් ජයවර්ධන, බුද්ධික ද සිල්වා, චාමර අලුත්ගේ, මොහාන් විජේසිංහ, අලියා ෆයිසර්.

    ලේකම් - අජිත් විජයසිංහ

    උපලේකම් - ජාලිය ජයසේකර, ඩබ්.පී.ජී.පුංචි හේවා

    භාණ්ඩාගාරික - මංගල ගමගේ

    උපභාණ්ඩාගාරික - රේණු චන්ද්‍රිකා, ආර්.එම්.එස්.ජී.රත්නායක