July, 17, 2026
ශ්‍රී ලංකාවේ නවතම සහ වඩාත් ආකර්ෂණීයම ජීවන ශෛලීය සහ ස්මාර්ට් ගමනාගමන මාධ්‍යයවන Miwayz සේවාව ජුලි මස 12 වනදා ජනගත කෙරිණි. මෙරට කුලී රථ සහ භාණ්ඩ ගෙන යාමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනතාව අතට පත්වන මෙම සේවාව ජනගත කිරීමට පෙර වාර්තාගත කෙටි කාලයක් තුළ මගීන් සහ රියදුරන් 25,000 කට අධික පිරිසක් ආකර්ෂණයකර ගැනීමට සමත් විය.
දීර්ඝ කාලයක පටන් ඉහළ විනිවිදභාවයක් සහ ආරක්ෂාවක් අපේක්ෂා කළ මගීන්ට මෙන්ම සාධාරණ ගෙවීම් ක්‍රමයක් අපේක්ෂා කළ රියදුරන්ට ද Miwayz සේවාව, සම්ප්‍රදායික ජංගම දුරකථන යෙදවුමක් ඉක්මවා යමින්, නූතන ගමනාගමන අභියෝග රැසකට විසඳුම් ලබා දෙන ප්‍රජාව මුල්කර ගත් විසඳුමකි.
මෙරට නාගරික ගමනාගමන පද්ධතියේ කොඳු නාරටිය බඳු ත්‍රීරෝදරථ රියදුරන් සහ යතුරුපැදි කරුවන් වසර ගණනක පටන් කටයුතු කළේ දැඩි මුල්‍ය අභියෝග රැසක් හමුවේය. සම්ප්‍රදායික කුලීරථ සේවා, සෑම ගමනක් සඳහා ම 15% සිට 25% දක්වා ඉතා ඉහළ කොමිස් මුදලක් අයකර ගැනීමට කටයුතු කළ බැවින් රියදුරන්ට සැබෑ ලෙස හිමිවන මුදල සීමිත විය. අනපේක්ෂිත දෛනික ආදායම් සහ ඉහළ යන වාහන නඩත්තු සහ ඉන්ධන පිරිවැය හමුවේ රියදුරන්, ඩිජිටල් තිරයක් මත දිස්වන ඉලක්කමක් පමණක් බවට පත්ව තිබේ.
මෙම ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා Miwayz යෙදවුම, මින් පෙර නොවූ විරූ ආකාරයේ, රියදුරු කේන්ද්‍රකර ගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දී ඇත:
Miwayz, ශ්‍රී ලංකාවේ දැවැන්ත නාගරික ගමනාගමන වෙළෙඳපොළේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. බස්නාහිර මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියට (RPTA) අනුව, බස්නාහිර පළාත තුළ පමණක් මේවන විට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින ලියාපදිංචි ත්‍රීරෝදරථ සංඛ්‍යාව 250,000 කට අධික වේ.
තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නවතම රථවාහන දත්තවලට අනුව, ත්‍රීරෝද රථ මිලියන 1.20 ක් සහ යතුරුපැදි මිලියන 5.17 ක් මෙරට තුළ ලියාපදිංචි වී තිබේ. මෙම දැවැන්ත ක්ෂුද්‍ර-ව්‍යවසාය කාණ්ඩය සඳහා සාධාරණ මොඩලයක් හඳුන්වා දීම මගින් Miwayz යෙදවුම, මුල් අදියරයේදී කොළඹ නගරය තුළත්, ක්‍රමිකව බස්නාහිර පළාත තුළත් දෛනික ගමනාගමන වෙළෙඳපොළේ ප්‍රමුඛතම හිමිකාරිත්වයක් අත්කර ගැනීමට සූදානමින් සිටී.
විශ්වාසය මත පදනම් වූ ගමනාගමන ක්ෂේත්‍රය තුළ Miwayz යෙදවුමට ඉතා කෙටි කාලයක් තුළ 25,000 කට අධික පිරිසක් ලියාපදිංචි වීමෙන්, ඒ සඳහා දේශීය පරිශීලකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කෙරේ.
"අපට අවශ්‍ය වුණේ තවත් ජංගම දුරකථන යෙදවුමක් සහ බලාපොරොත්තු ලබා දීමට නොවේ. අපගේ ඉලක්කය වුණේ, පළමු දිනයේ සිටම අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රජාවක් සමග මෙම ගමන ඉදිරියට ගමන් කිරීමටයි. මෙම සේවාව නිළ වශයෙන් ජනගත කිරීමටත් පෙර, 25,000 කට අධික රියදුරු හවුල්කරුවන් සහ මගීන් පිරිසක් ලියාපදිංචි වීමෙන්, අප කෙරෙහි ඔවුන් තැබූ එම විශ්වාසය පිළිබිඹු වනවා. අන්‍යොන්‍ය ගරුත්වය, අවංකබව සහ සාධාරණ වටිනාකම මත ගොඩනැගුණු සේවාවක් වැළඳ ගැනීමට ශ්‍රී ලාංකිකයින් තුළ ඇති කැමැත්තට එය මනා සාක්ෂ්‍ය සපයනවා," යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී නල්ලියා දයාභරන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලාංකේය මගීන් සහා රියදුරන් එදිනෙදා මුහුණදෙන අභියෝගවලට ප්‍රධාන අංශ තුනක් යටතේ විසඳුම් ලබා දීම සඳහා Miwayz විශේෂ අවධානය යොමු කරයි:
මගීන්ට මෙන්ම රියදුරන්ට ද සමස්ත ගමනාගමන අත්දැකීම වඩාත් පුළුල් කිරීම සඳහා, Miwayz යෙදවුම මෙරට ප්‍රමුඛතම රථවාහන බලඇණි සහ ඉන්ධන කළමනාකරණ පද්ධතියවන Dialog Touch සමග ක්‍රමෝපායික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මගින්, රියදුරු හවුල්කරුවන් හට සැබෑ අගයක් නිර්මාණය කරන අතරම, ඔවුන් හට වඩාත් ඉහළ පහසුවක් පිරිනමන නවෝත්පාදන ගෙවීම් සහ පාරිතෝෂික හිමිකර දීමට හැකියාව ලැබේ.
මෙම හවුල්කාරිත්වය හේතුවෙන් Dialog Touch පරිශීලකයින් හට, Miwayz යෙදවුමේ ගෙවීම් සඳහා Dialog Touch කාඩ්පත භාවිත කරමින් ක්ෂණිකව සහ මුදල් හුවමාරු කිරීමෙන් තොරව, පහසුවෙන් ගෙවීම් සිදු කළ හැකිය. තවද, Dialog Touch හරහා රියදුරු හවුල්කරුවන් හට ඉන්ධන වවුචර භාවිත කිරීමේ අවස්ථාව ද උදා වේ. එය, රියදුරන් හට අර්ථවත් ලෙස ඉන්ධන වියදම් ඉතිරිකර ගැනීමට සහයෝගය ලබා දීම සඳහා Dialog Touch හඳුන්වා දෙන, එවැනි ආකාරයේ ප්‍රථම පාරිතෝෂික වැඩසටහනයි.
ඩිජිටල් ශක්තිය, මහමග තිරසාරත්වය සමග ඒකාබද්ධ කිරීම සඳහා Miwayz යෙදවුම, TVS සමාගම සමග සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ තිබේ. දිගුකාලීන මෙහෙයුම් සහයෝගයක් ලබා දීම සඳහා ගොඩනගා ගත් එම සහයෝගීතාව මගින්, රියදුරන් හට කඩිනම් සහ සැබෑ ඉතුරුම් රැසක් පිරිනැමීමට නියමිතය. ඒ අනුව, ලියාපදිංචි Miwayz රියදුරු හවුල්කරුවන් හට පහත ප්‍රතිලාභ හිමි වේ:
මෙම හවුල්කාරිත්වය නියෝජනය කරමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සිය අදහස් පළ කළේය:
"තිරසර නාගරික සවිබල ගැන්වීමේ ගමනේදී Miwayz සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. සැබෑ වෙළෙඳපොළ නවෝත්පාදනය ගොඩනැගීමට නම්, ප්‍රජාවට සැබෑ වටිනාකමක් හිමිකර දිය යුතු බව TVS අපගේ විශ්වාසයයි. අමතර කොටස් සඳහා සුවිශේෂී වට්ටම්, විශේෂඥ සේවා සහ වඩාත් පහසු වාහන හුවමාරු විකල්ප සමගින් අප රියදුරන්ගේ මෙහෙයුම් පිරිවැය කැපීපෙනෙන ලෙස අවමකර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනවා. මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ සාමූහික ආර්ථික වර්ධනය සහ ආයතනික වගකීම පිළිබඳ දැනුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා."
ඉදිරිගාමී පියවරක් ලෙස Miwayz යෙදවුම, දිගුකාලීන සෘජු ප්‍රති ආයෝජන මොඩලය හරහා සිය පරිශීලකයින් සහ හවුල්කරුවන් වෙනුවෙන් සම්පත් යොමු කිරීමට කටයුතු කරයි.
කෙටිකාලීන වෙළෙඳපොළ හිමිකාරිත්වය වෙනුවට එම යෙදවුම තිරසර සහ දිගුකාලීන අමතර අගය නිර්මාණය කිරීම සඳහා සිය මෙහෙයුම් ප්‍රාග්ධනය ආපසු යෙදවීමට සැලසුම්කර තිබේ.
"වර්ධනය ළඟාකර ගැනීමට ඇති හොඳම මාර්ගය දැන්වීම්කරණය නොව; ජනතාවගේ ජීවිත බලාත්මක කිරීම බව අපගේ විශ්වාසයයි. අපගේ රියදුරන් සහ මගීන් වෙනුවෙන් සෘජුව ආයෝජන සිදු කිරීම මගින් අප දිගුකාලීන ලෙස ශ්‍රී ලාංකිකයින් හට තිරසර සහ නොවෙනස් ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කරනවා," යනුවෙන් Miwayz ප්‍රධාන විධායක නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේය.
Miwayz මගී සහ රියදුරු යෙදවුම්, iOS App Store සහ Google Play Store මගින් දැන් බාගත කළ හැකිය. තමන් කැමති ආකාරයට ගමනාගමන සහ ජීවන ශෛලීය පහසුව අත්විඳිම සඳහා අදම සිය යෙදවුම බාගත කර ගන්නා ලෙස Miwayz සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාකර සිටී.








Video Story