ශ්‍රී ලාංකේය ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් HUTCH ENTERPRISE වෙතින් ලොව පිළිගත් ගෝලීය විසඳුම්

    May, 11, 2026

    ලොව පිළිගත් 'Fortune 500' සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය සුදුසුම කාලය බව සමාගම විශ්වාස කරයි. රටවල් 11ක විදුලි සංදේශ මෙහෙයුම් සිදුකරන CK Hutchison සමූහය, යුරෝපය පුරා ඩිජිටල් විප්ලවයන් සඳහා පෙරමුණ ගෙන ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොළවල ඩිජිටල් ඉලක්ක සපුරා ගැනීම සඳහා සක්‍රීය දායකත්වයක් සපයන ලොව ප්‍රමුඛතම ආයතනයකි.

    ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, HUTCH සමාගම ව්‍යාපාරික අංශය හරහා මහා පරිමාණ සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs), නව ව්‍යවසායකයින්, රජයේ සහ අනෙකුත් ආයතනවල විකාශනය වන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සිය ව්‍යවසාය සේවාවන් පෙළගස්වා ඇත.

    වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ පවතින පිරිවැය පීඩනය, පාරිභෝගික අපේක්ෂාවන් සහ මෙහෙයුම් ඔරොත්තු දීමේ හැකියාව වැනි අභියෝග හමුවේ, වේගවත් මෙන්ම පිරිවැය-ඵලදායී ඩිජිටල් සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ජාත්‍යන්තර හොඳම ක්‍රමවේද සහ විශේෂඥ දැනුමෙන් සන්නද්ධ HUTCH Enterprise, සන්නිවේදන සබඳතා සහ ඩිජිටල් සේවාවන් එකම ඒකාබද්ධ පරිසර පද්ධතියක් යටතට ගෙන එමින්, තාක්ෂණික විසඳුම් සපයන්නෙකු ලෙස දැන් ස්ථානගත වී ඇත.

    HUTCH Enterprise සේවා එකතුවට ගෝලීය වශයෙන් ඇගයීමට ලක් වූ සන්නිවේදන විසඳුම්, ඩිජිටල් මෘදුකාංග සහ ඇප්ලිකේෂන් මෙන්ම සුවිශේෂී ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද විසඳුම් රැසක්ද ඇතුළත් වේ. මෙහිදී Mobile-for-business, IOT සබඳතා, Internet Leased Lines වැනි සන්නිවේදන විසඳුම් ද, Omni-channel පාරිභෝගික සේවා, Domain ලියාපදිංචිය සහ වෙබ් අඩවි නිර්මාණය වැනි ඩිජිටල් පැවැත්ම තහවුරු කරන සේවාවන් ද ලබා ගත හැක. මීට අමතරව සේවා ස්ථාන ඩිජිටල්කරණය, Cloud computing, සයිබර් ආරක්ෂණය සහ API සේවාවන් වැනි නවීනතම ව්‍යාපාරික මෙවලම් රැසක් එකම තැනකින් ලබා දීමට ඔවුන් පියවර ගෙන ඇත.

    මෙම සේවාවන් පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කළේ ඩිජිටල් පරිවර්තනය සහ ව්‍යාපාර සවිබල ගැන්වීම දැන් එක් තේරීමක් නොව, ව්‍යාපාරික තරඟකාරිත්වය සහ ජාතික ආර්ථිකයේ ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි. HUTCH Enterprise හරහා සන්නිවේදනය සහ ඩිජිටල් විසඳුම් එකට ඒකාබද්ධ කර ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට ප්‍රායෝගිකව සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සකස් කර තිබෙනවා. එමගින් 2030 වසර වන විට ඩිජිටල් ආර්ථිකය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයා ගැනීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය ඉටුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. CK Hutchison Holdings වැනි ගෝලීය දැවැන්තයෙකුගේ ශක්තිය ඇතිව, දේශීය ව්‍යාපාර වෙත ලෝක මට්ටමේ විසඳුම් ලබා දීමට HUTCH සන්නාමය උපරිමයෙන් කැපවී සිටින බවයි.