ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට භාවිතා නොකළ ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා ගෙන යෑමේ පහසුකම Airtel සිය පසුගෙවුම් පාරිභෝගිකයින්ට ලබා දෙයි

    September, 13, 2021

    Airtel විසින් හඳුන්වා දෙන මෙම ‘Data Rollover’ මඟින් පාරිභෝගිකයින්ට 200 GB දක්වා භාවිතා නොකළ ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතා කිරීමට හැකියි

    එයාර්ටෙල් ලංකා සමාගමේ විප්ලවීයජ 4G සේවා සහ Freedom Packs දියත් කිරීමෙන් අනතුරුව, සමාගම සිය පළමු Freedom පසුගෙවුම් සැලසුම් සඳහා වූ සුවිශේෂී ‘Data Rollover’ පහසුකම ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙම නව හඳුන්වාදීමත් සමඟ භාවිතයට නොගත් සියලූම ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතයට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

    සිය පසුගෙවුම් පාරිභෝගිකයින්ගෙන් වාරිකයක් අය කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වර්තමානයේ දී සිදු කරනුයේ එක් එක් බිල්පත් කාලය අවසානයේ අලූතින්ම ඬේටා quota එකක් ලබා දී පසුගිය, භාවිතයට නොගෙන ඉතිරි වූ ඬේටා සියල්ලම අහෝසි කිරීමයි. මේ දක්වා තමන් මුදල් ගෙවා ඇති මෙම පසුගිය ඬේටා ප‍්‍රමාණය ප‍්‍රයෝජනයට ගැනීමට පසුගෙවුම් පාරිභෝගිකයින්ට විකල්පයක් නොතිබුන අතර ‘Data Rollover’ මඟින් එම අවස්ථාව දැන් හිමි වේ. මේ අනුව, ‘Data Rollover’ පහසුකම එයාර්ටෙල් විසින් සරල හා වඩා හොඳ වටිනාකමක් ඇති ජාලකරණ අත්දැකීමක් පමණක් නොව සමස්ත ක්ෂේත‍්‍රය තුළම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගැනීම සඳහා වූ ක‍්‍රියාකාරී ප‍්‍රවේශයක් මඟින් පාරිභෝගිකයා සවිබල ගැන්වීම උදෙසා ශ‍්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ ක්ෂේත‍්‍රයට මෙවැනි ආකාරයේ නව හඳුන්වා දීමක් සිදු කළ පළමු අවස්ථාව වේ.

    පසුගෙවුම් පාරිභෝගිකයින්ට තම ඉතිරි ඬේටා ප‍්‍රමාණයෙන් 200 GB දක්වා ප‍්‍රමාණයක් ඊළඟ මාසයට ගෙන යා හැකි අතර එය නව මාසයේ ප‍්‍රතිලාභ ලෙස භාවිතා කළ හැකිය. මෙම නව පහසුකම මඟින් පසුගෙවුම් පාරිභෝගිකයින්ට ඬේටා කල් ඉකුත් වීම ගැන කරදර විය යුතු නැති අතර ඔවුන් දැනටමත් මුදල් ගෙවා ඇති ඬේටා නාස්ති වීමක් සිදු නොවන බවට සහතික කෙරේ. මෙම rollover පහසුකම නව Freedom පසුගෙවුම් සැලසුම් සහ වෙනත් තෝරාගත් සැලසුම්වල  නිතැතින්ම පැමිණේ.

    ”අපගේ ලෝක මට්ටමේ 4G සේවාවන් හඳුන්වා දී සමඟින් අපට අවශ්‍ය අපගේ ගනුදෙනුකරුවන්ට නිදහස ලබා දීමටයිx අපගේ සියලූම සේවාවන් මඟින් දැන් අවධානය යොමු කර තිබෙන්නේ වර්තමාන සම්මත ක‍්‍රමයෙන් ඉවත් වී සරල හා සීමාවලින් තොර ජංගම දුරකතන සන්නිවේදනයක් වෙත යමින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීමටයි. ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට භාවිතා කරන සේවාවන් දෙකක් ලංකාවට හඳුන්වා දීම ගැන අප ආඩම්බර වන අතර එයාර්ටෙල් 4G සමඟ සැබෑ ජාලකරණ අත්දැකීමක් ලබා ගැනීමට සහ භුක්ති විඳීමට අප ඔබ සැමට ආරාධනා කරන්න කැමතියි.” යනුවෙන් එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසීය.

    මෙම පහසුකම තුළින් එක් එක් මාසය තුළ භාවිතයට නොගත් ඬේටා අහිමිවීම මින් ඉදිරියට වැළැක්වෙන අතර මේ නිසා භාවිතයට නොගත් ඬේටා සඳහා පාරිභෝගිකයින්ගේ මුදල් වැය වීම ද සිදු නොවේ. විශේෂයෙන් සෑම මසකම විවිධ ප‍්‍රමාණයේ ඬේටා අවශ්‍යතා ඇති අය සඳහා මෙම ඬේටා Rollover පහසුකම අතිශයින්ම වාසිදායකය.

    Airtel Lanka සමාගම Freedom කාණ්ඩය යටතේ ක්ෂේත‍්‍රයේ ඉතාමත් ආකර්ෂණීය පසුගෙවුම් සැලසුම් දෙකක් හදුන්වා දී ඇත. Freedom 900 බිල් සැලසුම මඟින් නොමිලේ මිනිත්තු 500 ක off-net ඇමතුම් සමඟින් anytime 4G ඬේටා 40GB දක්වා ලබා දෙන අතර Freedom 1800 බිල් සැලසුම මඟින් නොමිලේ විනාඩි 500 off-net ඇමතුම් සමඟින් anytime 4G ඬේටා 100 GB දක්වා ලබා දේ. මෙම පැකේජ දෙකම මගින් අදාල වලංගු කාලය පුරාවට Airtel දුරකතනයකින් තවත් Airtel දුරකතනයකට අසීමිත voice සම්බන්ධතාවක් සහ sms 300ක් සිය පාරිභෝගිකයින්ට ලබා දෙයි.

    2011 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින් 99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි.