ශ‍්‍රී ලංකාව රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ද්විපාර්ශ්වික OSH කමිටු සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් හදුන්වාදෙයි

    May, 18, 2023

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023 අපේ‍්‍රල් 28 වන දින ”රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනය” වෙනුවෙන් පැවති උත්සවයේදී සේවා ස්ථානවල ද්විපාර්ශවීය වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය (OSH) කමිටු පිහිටුවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරන ලදී.

    විශේෂයෙන්ම රටේ ඇඟලූම් කර්මාන්තය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අතර ඒකාබද්ධ මුලපිරීමක් වන Better Work Sri Lanka වැඩසටහන මගින් මෙම මාර්ගෝපදේශ මාලාව මුලින් සකස් කරන ලදී. ඒ හරහා ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ සමස්ත යහපැවැත්ම තහවුරුවනු ඇත.

    මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන, ප‍්‍රමුඛ කර්මාන්ත, වෘත්තීය සමිති, සංවර්ධන හවුල්කරුවන්, ලංකා සේව්‍ය සම්මේලනය ^EFC& ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය ^JAAF& සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගෙන් ඇතුළු 280 කට අධික පිරිසක් සහභාගි වූහ.

    වැඩ කරන ජනතාවගේ කායික හා මානසික සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී සේවා යෝජකයාට සහාය වීම සඳහා විවිධ භූමිකාවන්, ප‍්‍රවීණත්වය සහ අත්දැකීම් සහිත කළමනාකරණය සහ වෘත්තීය සමිති/සේවක නියෝජිතයින්ගෙන් සමන්විත වේදිකාවක් වන ද්විපාර්ශ්වික OSH කමිටු පිළිබඳ ජාතික මාර්ගෝපදේශ මාලාවක් මෙම අවස්ථාවෙහිදී හඳුන්වා දෙන ලදී. OSH කාර්යයන්හි නායකත්වය ගැනීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා ද්විපාර්ශ්වික OSH කමිටු තුළ කාන්තා නියෝජනය සහතික කිරීම අවධාරණය කර ඇත. තවද, මෙම මුලපිරීම කම්කරුවන්, ඔවුන්ගේ නියෝජිතයින් සහ සේවා යෝජකයන් අතර හොඳ සන්නිවේදනයක්, සම්බන්ධීකරණයක් සහ වැඩබිමේ සහයෝගීතාවයක් සඳහා මාවතක් නිර්මාණය කරයි.

    මෙම විප්ලවීය කි‍්‍රයාමාර්ගය OSH සඳහා සැලකිය යුතු සහ කාලෝචිත පියවරක් ලෙස සැලකේ. ”ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක්” යනු ILO හි මූලධාර්මික ප‍්‍රතිපත්තියක් සහ අයිතියක් වශයෙන් 2022 ජුනි මාසයේදී ඉදිරිපත් කරන ලදි.

    මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රට පුරා සිටින සියලූම ශ‍්‍රමිකයින් සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සඳහා ප‍්‍රමුඛත්වය දීමේ වැදගත්කම අවධාරණය කළේය. ”ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සඳහා වන පරම අයිතියට ගරු කිරීම, ප‍්‍රවර්ධනය කිරීම සහ සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය. ”OSH යනු සියලූම සේවකයින් සඳහා මූලික අයිතිවාසිකමක් වන අතර, ඔවුන් සඳහා තිරසාර සහ ඔරොත්තු දෙන අනාගතයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිනවා.”

    ILO ශ‍්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලයෙහි අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්, සේවා ස්ථානවල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සියලූ අංශ හරහා ශක්තිමත් OSH ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. ”අපි OSH සඳහා ප‍්‍රමුඛත්වය දිය යුතු අතර, ද්විපාර්ශ්වික කමිටු උදාහරණයක් ලෙස සහ සේවකයින් ආරක්ෂා කිරීමට අදාළ පාර්ශවකරුවන්ගේ සාමූහික හැකියාව පිළිබඳ සාක්ෂියක් ලෙස භාවිතා කරමින්, අවසානයේ ඵලදායිතාව ඉහළ නැංවීමට හේතු වෙනවා.” යනුවෙන් ඇය ප‍්‍රකාශ කළාය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් R.P. A විමලවීර මහතා වැඩිදුරටත් පැවසුවේ බහු-මාන ප‍්‍රවේශයක් ගනිමින් බිම් මට්ටමේ සිට විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තුළ OSH ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි. OSH යනු සදාචාරමය වගකීමක් පමණක් නොව නෛතික අයිතිවාසිකමක් බව ප‍්‍රකාශ කරමින් සම්මුතීන්ට අනුකූලව OSH සඳහා ව්‍යවස්ථාදායක සහ නියාමන රාමු අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

    ”සේවා යෝජකයින් සහ සේවකයින් නව රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම, සේවක පුහුණුව, ආරක්ෂක කමිටු සහ ආරක්ෂිත පළමු සංස්කෘතිය වගා කිරීම තුළින් ආරක්ෂාව සහ සෞඛ්‍යයට ප‍්‍රමුඛත්වය දිය යුතුය. ආරක්ෂිත වැඩ පරිසරයක් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ පමණක් ප‍්‍රමාණවත් නොවෙනවා.” යනුවෙන් කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

    Better Work Sri Lanka වැඩසටහනේ ප‍්‍රධානී කේසව මුරලි කනපති මහතා, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම සහතික කිරීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ ඵලදායී හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ප‍්‍රකාශ කළේය. ”රට පුරා මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් දියත් කරන ලද වැදගත් පියවරක් වන අතර OSH ප‍්‍රවර්ධනය කිරීමේ නිවැරදි පියවරක්.” යනුවෙන් ඔහු පැවසීය.

    WSHA හි වෘත්තීය සෞඛ්‍ය හා සනීපාරක්ෂක වෛද්‍ය සහ ලේකම් වෛද්‍ය අසේනි වික‍්‍රමතිලක මහත්මිය විසින් මෙහෙයවන ලද OSH සහ OSH මූලික අයිතිවාසිකමක් ලෙස එහි වැදගත්කම පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ද මෙම අවස්ථාවට එක් විය. මෙම විද්වත් මණ්ඩලයට ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ (NIOSH) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ මහත්මිය, අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (ඉංජිනේරු) එඞ්මන් අබේසිරිවර්ධන මහතා, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ (EFC) අධ්‍යක්ෂ ජනරාල්/ප‍්‍රධාන විධායක නිලධාරී වජිර ඇල්ලේපොල මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (SLNSS) ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ද ඇතුළත් විය.

    COVID-19 සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවධාරණය කර ඇති හෙයින්, වෘත්තීය සමිති දැන් සේවා ස්ථානයේ OSH සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන බව දේවේන්ද්‍ර මහතා ප‍්‍රකාශ කළේය. ”අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක වෘත්තීය සමිති හරහා වැදගත් කාර්යයභාරයක් ඉටුවෙනවා. නමුත් වසංගතයෙන් පසුව, රැකියා ස්ථානය තුළ OSH වෙනුවෙන් ප‍්‍රමුඛතාවයක් ලබාදෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

    මේ අතර, EFC අධ්‍යක්ෂ ජනරාල් සහ ප‍්‍රධාන විධායක නිලධාරී වජිර ඇල්ලේපොල මහතා අවධාරණය කළේ, ”ඵලදායී OSH කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කම්කරුවන්, ඔවුන්ගේ නියෝජිතයින් සහ සේවා යෝජකයන් අතර සහයෝගීතාවය සහ සන්නිවේදනය ඉතා වැදගත් වෙනවා. ද්විපාර්ශ්වික කමිටු ක‍්‍රියාත්මක කිරීම හරහා, සෞඛ්‍යය සහ ආරක්ෂාව මූලික ප‍්‍රතිපත්ති සහ වැඩ කිරීමේ අයිතිවාසිකම් ලෙස පිළිගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

    OSH මූලික ප‍්‍රතිපත්තියක් සහ අයිතියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟම, රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සංස්කෘතියක් දිරිමත් කරන ශක්තිමත් නියාමන රාමුවක් හරහා සක‍්‍රීය කළ හැකි සේවක ආරක්ෂාව අත්‍යවශ්‍ය කාරණයක් ලෙස කම්කරුවන් සහ සේවා යෝජකයන් පිළිගන්නා බවට විද්වත් කථිකයන් ප‍්‍රකාශ කළහ.

     

    මූලික අයිතිවාසිකමක් ලෙස OSH සහ OSH හි වැදගත්කම පිළිබඳ විද්වත් සාකච්ඡාව

    ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය ප‍්‍රධාන දේශනය පවත්වමින්

    ශ‍්‍රී ලංකාව රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර දිනය 2023 වෙනුවෙන් ද්විපාර්ශ්වික OSH කමිටු සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් දියත් කරයි

    OSH වැදගත්කම පිළිබඳව කතා කරන Better Work Sri Lanka හි ප‍්‍රධානී කේසව මුරලි කනපති මහතා

    විවිධ අංශ නියෝජනය කරමින් රාජ්‍ය ආයතන, ප‍්‍රමුඛ පෙළේ කර්මාන්ත සහ වෘත්තීය සමිති ඇතුළුව 270 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා

    ශ‍්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලයෙහි අධ්‍යක්ෂිකා සිම්රින් සිංග් මහත්මිය උත්සවයේ පේ‍්‍රක්ෂකයින් අමතමින්

     

    ඡායාරූප විස්තරය : සියලූම සේවකයන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය තහවුරු කිරීමට කර්මාන්ත නියෝජිතයින් ප‍්‍රතිඥාවක් දෙයි