April, 22, 2026
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වර්ෂයේදී ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇති අතර, එය තිරසාර වර්ධනය, සැලසුම්ගත ක‍්‍රියාත්මක කිරීම් සහ අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය තහවුරු කරයි.
සමාගම 2025 වසර සඳහා රු. බිලියන 4.3ක බදු පෙර ලාභයක් වාර්තා කළ අතර, දළ වාරික ආදායම (GWP) 24% ක වර්ධනයක් සමඟ රු. බිලියන 32.6ක් විය. එමෙන්ම, නව ව්‍යාපාර ආදායම රුපියල් බිලියන 7.56ක් ලෙස වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමත් වූ අතර එය 42% ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය, ප‍්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගම් අතර ඉහළම වර්ධනයක් සනිටුහන් කරමින්, සමාගමේ ශක්තිමත් වෙළඳපල ගම්‍යතාවයත්, පුළුල් වන පාරිභෝගික ප‍්‍රවේශයත් පිළිබිඹු කරයි.
පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC LIfe) විසින් පසුගිය වසර තුළ හිමිකම් සහ කල්පිරීමේ ප‍්‍රතිලාභ ලෙස රුපියල් බිලියන 16.2ක් ගෙවා ඇති අතර, 2024 දී ක‍්‍රියාත්මක රක්ෂණ ඔප්පු සඳහා 2025 වසරට අදාළව රුපියල් බිලියන 12.5ක බෝනස් ප‍්‍රතිලාභ ද ප‍්‍රකාශයට පත් කර ඇත. එය ශ‍්‍රී ලංකා ජීවිත රක්ෂණ කර්මාන්තයේ ඉහළම වාර්ෂික බෝනස් දීමනාව ලෙස සනිටුහන් වේ.
මෙම ප‍්‍රකාශය සමඟ, 2006 සිට රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවා ඇති සමුච්චිත ප‍්‍රසාද දීමනාව රුපියල් බිලියන 116.6 දක්වා ඉහළ යන අතර ඒ අනුව, වසරින් වසර කර්මාන්තයේ ප‍්‍රමුඛ ප‍්‍රතිලාභ ලබා දීමේ සමාගමේ ස්ථාවර කාර්යසාධන වාර්තාව තවදුරටත් ශක්තිමත් වේ.
සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගනිමින්, මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 275 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සමඟම, ජිවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 247 දක්වා වර්ධනය වෙමින්, කර්මාන්තයේ විශාලතම ජිවිත රක්ෂණ අරමුදල ලෙස සමාගමේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකි වී ඇත.
විශේෂයෙන්ම, රු. බිලියන 1.4 ක බදු මුදලක් රජයට ගෙවීම මගින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC LIfe) රටේ ජාතික සංවර්ධනයට සහ ආර්ථික ස්ථායීතාවයට විශාල දායකත්වයක් ලබා දේ.
තම අලෙවි බලකායේ වෘත්තීය ජයග‍්‍රහණ තවදුරටත් විදහා දක්වමින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 දී MDRT ජයග‍්‍රහයකයින් 351ක් වාර්තා කල අතර මෙය සමාගමේ ඉතිහාසයේ වාර්තාගත ඉහළම MDRT ජයග‍්‍රහයකයින් සංඛ්‍යාව වේ ඒ හරහා අලෙවි බලකායේ වෘත්තීයභාවය, ඵලදායිතාව සහ කැපවීම පැහැදිලිව පිළිබිඹු කරයි.
මේ සම්බන්දව අදහස් දක්වමින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා අවධාරණය කළේ, ”2025 වසරේ කාර්ය සාධනය තුළින් විනයගරුක ක‍්‍රියාත්මක කිරීම, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය සහ අපගේ කාර්යමණ්ඩලයේ විශිෂ්ට කැපවීම පැහැදිලිව පිළිබිඹු වේ. පාරිභෝගික කේන්ද්‍රීයභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අපගේ අඛණ්ඩ අවධානය, ඉදිරි වසරවල තිරසාර වර්ධනයක් සඳහා අපව ශක්තිමත් ලෙස ස්ථානගත කර ඇත” බවයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා තම අදහස් ප‍්‍රකාශ කරමින් සඳහන් කළේ, ”ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, නිරන්තරයෙන්ම තම ශක්තිය සහ දිගුකාලීන ස්ථාවරත්වය අඛණ්ඩව පිළිබිඹු කරයි. මෙම ජයග‍්‍රහණ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උත්සාහය පැහැදිලිව පිළිබිඹු කරන අතර, ඔවුන්ගේ දායකත්වය රටේ ආර්ථික ප‍්‍රගතියට අර්ථවත් දායකත්වයක් ලබා දෙමින් තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට මඟ පෙන්වා ඇත” යන්නයි.
මෙම ගම්‍යතාවය මත ගොඩනැගෙමින්, සමාගම 2026 වසර ආරම්භයේ දී රුපියල් බිලියන 3.2 ක දළ වාරික ආදායමක් වාර්තා කළ අතර එය වසරින් වසර 22% ක වර්ධනයක් පිළිබිඹු කළ අතර, නව ව්‍යාපාර අදායම රුපියල් මිලියන 717.6 ක් වූ අතර එය 20% ක වැඩිවීමක් සනිටුහන් කරමින් නව මූල්‍ය වර්ෂය තුළ අඛණ්ඩ ධනාත්මක ප‍්‍රගතියක් පෙන්වා දීමට සමත් විය.
2025 දී, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තව දුරටත් ක්ෂේත‍්‍රයේ පිළිගැනීම දිනාගනිමින් අඛණ්ඩව අටවන වරටත් LMD විසින් ‘වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිළිගැනීමට ලක් වූ අතර ශ‍්‍රී ලංකාවේ ඉහල ම ජීවිත රක්ෂණ සන්නාම තුන අතරට ශ්‍රේණිගත විය. මීට අමතරව ISO 9001:2015, ISO/IEC 27001:2013, සහ ISO 14064-1:2018 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික පවත්වා ගනිමින් ත්‍සඑජය ඍ්එසබටි විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම් අතර ලබා දී ඇති ඉහළම ශ්‍රේණිගත කිරීම වන 'A+(lka)' ජාතික රක්ෂණකරුගේ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම (National IFS Rating) ලබාගත් අතර සමාගමේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය සහ රක්ෂණ හිමියන්ගේ වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව මේ හරහා පිළිබිඹු කරයි.
මූල්‍ය කාර්ය සාධනයට අමතරව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම අර්ථවත් සමාජ බලපෑමක් ලබා දීමට කටයුතු කරන ලදි. එමඟින් 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාගවලින් ඉහලම දක්ෂතා පෙන්වූ සිසුන් 225 දෙනෙකු වෙත සහාය වන සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන, පාසල් 100කට ප‍්‍රතිලාභ ලබා දෙන ‘පාසල් පිරියත සුරකිමු’ වැඩසටහන සහ අලූත උපන් දරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ලබා දෙන ජාතික ලෝක ළමා දින වැඩසටහන ඇතුළත් විය. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූ පවුල් වෙත තම සහන සේවා ලබාදෙමින් එම විපතට පත්වූ ප‍්‍රජාවන්ට ද සහයෝගය ලබා දෙන ලදී.
ශක්තිමත් මූල්‍ය පදනමක්, තිරසාර වර්ධන ප‍්‍රවණතාවයක් සහ පැහැදිලි උපායමාර්ගික දිශානතියක් සමඟින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය රක්ෂණ ඔප්පු හිමියන්ට සහ කොටස්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබාදෙමින්, ජීවිත රක්ෂණ කර්මාන්තයේ නායකත්ව ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමින් සිටියි.
ඡායාරුපය -
Video Story