ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  වෙතින් භික්ෂුන් වහන්සේලා උදෙසා ‘නාගරාජ’ ශාක්‍යපුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය

    June, 22, 2021

    දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ සෞඛ්‍ය  රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ.

    මෙම ‘නාගරාජ ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැකවරණය සැලසීම අරමුණු කරගත් “සැමට රක්ෂණයක්” සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මව,පියා,සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කරමින් රැකවරණය සැලසීම මේ මගින් අරමුණු කරගෙන තිබේ.

    මෙම සුවිශේෂී ”නාගරාජ” රක්ෂණ යෝජනා ක‍්‍රමය දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රු. 2000/- ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළහැක.

    ‘නාගරාජ ‘රක්ෂණ ක‍්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රු.1000/- බැගින් රෝහල් දෛනික දීමනාවක් ලබාදෙන අතර, වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්, පරීක්ෂණ, එක්ස්-රේ කිරණ රශ්මි හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප‍්‍රතිකාර සඳහා වන වියදම්ද ආවරණය කරමින්   රු. 25,000/- ක ආවරණයක් ලබාදේ.

    දේශයේ රක්ෂකයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  රක්ෂණයේ වැදගත්කම පිළිබඳව පණිවිඩය ජනතාව අතරට රැගෙන යමින් පුරෝගාමී මෙහෙවරක් සිදුකරන අතර නාගරාජ රක්ෂණය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිදු කෙරෙන සමාජ මෙහෙවරකි.