ශ‍‍්‍රී ලංකාව ජාත්‍යාන්තරය තුල ප‍‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එන් ඩී බී (NDB) බැංකුව, බ්‍රිතාන්‍යයේ ශ‍‍්‍රී ලංකා මිතුරෝ සංගමය සමඟ අත්වැල් බැඳ ගනී

    December, 3, 2022

    ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා නැතහොත් ශ‍්‍රී ලංකා මිතුරෝ සංගමය ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට සහ ශ‍්‍රී ලංකාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අය අතර ශ‍්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය මිත‍්‍රත්වය වර්ධනය කිරීමට පුරෝගාමී වූ සංගමයකි. මෙහි සාමාජිකයන් ලෙස බ්‍රිතාන්‍ය  විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, වෙනත් රටවල විදේශිකයන් සහ ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ හෝ සේවය කළ හෝ සංචාරකයින් ලෙස රටට ආදරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් බහුතරයක් ද ඇතුළත් වේ. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා සංගමය විසින් සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය පිළිඹිබු වන පරිදි විවිධ උත්සව, ප‍්‍රදර්ශණ වැඩසටහන සංවිධානය කරන අතර, ඒවායින් බොහොමයක් බ්‍රිතාන්‍ය තුල පවත්වනු ලැබේ.

    මෙම වසරේදී නොවෙම්බර් 05 වන දින පැඩිංහැම් නගරයේ පිහිටි ලෙස්ටර්ෂයර් ප‍්‍රාන්ත ක‍්‍රිකට් සගමයේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ උත්සවය සහ ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවි ප‍්‍රදර්ශණය සාර්ථක කරගැනීම සඳහා ප‍්‍රධාන හවුල්කරුවෙකු ලෙස NDB බැංකුව පියවර තැබිය. මෙම NDB හවුල්කාරිත්වය නිසාවෙන් ශ‍්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සහය දක්වන්නට හැකිවීම සහ දේශීය භාණ්ඩ බ්‍රිතාන්‍ය තුල ප‍්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් හිමි විය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රය නැවත නඟා සිටුවීම වැනි ප‍්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීමට ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා නැතහොත් ශ‍්‍රී ලංකා මිතුරෝ සංගමයට හැකි වීම සුවිශේෂී කාරණාවකි. තවද, ශ‍්‍රී ලංකාව මනරම් දිවයිනක් ලෙස සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීම NDB බැංකුව සිය ජාතික මෙහෙවරක් ලෙස සලකා කටයුතු කිරීම බ්‍රිතාන්‍ය වෙසෙන දේශීය සහ විදේශීය සැමගේ පැසසුමට ලක් වූ කාරණාවකි.

    ශ‍්‍රී ලංකාව මුහුණපා ඇති වත්මන් ආර්ථික අභියෝගවලින් ජයගන්වන්නට, වගකීමක් සහිත බැංකුවක් ලෙස විදේශ විනිමය රටට ලැබීමට සැලැස්වීමට කටයුතු කරන සියලූ අංශ නඟා සිටුවීම NDB බැංකුවේ ප‍්‍රධාන අරමුණක් වේ. එපමණක් නොව මෙවන් දේශීය හෝ විදේශීය හවුල්කරිත්ව හෝ රාජතාන්ත‍්‍රික හෝ මිත‍්‍රත්ව වැඩසටහන් මඟින් දේශීය ආර්ථිකයේ ස්ථායිතාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ , ශ‍්‍රී ලංකාවේ නාමයට කීර්තියක් ගෙන ඒමට බැංකුවක් ලෙස NDB සෑම විටකම ඉදිපත් වීමට සුවිශේෂී වේ.

    NDB බැංකුව, මෑතක දී යූරෝමනී සඟරාව (Euromoney) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කරන ලදී. ලොව කීර්තිමත් මූල්‍ය සේවා සඟරා වන යූරෝමනී (Euromoney), ග්ලෝබල් ෆයිනෑන්ස් (Global Finance) සහ ද බෑන්කර් (The Banker) හරහා NDB බැංකුව ලද සිව්වැනි සම්මානය වන්නේ මෙය යි. LMD ශේණිගත කිරීම්වලට අනුව ‘Most Awarded Corporate 2021’ වශයෙන් NDB බැංකුව නම් කොට තිබූ පසුබිමක් තුළ මෙම ජයග‍්‍රහණය හිමිවිය. ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරින් එකක් වශයෙන් ද  NDB බැංකුව ද නම් කළේ ය. ශ‍්‍රී ලංකාවේ 4 වැනි විශාලතම බැංකුව ලෙස ලැයිස්තුගතව ඇති NDB බැංකුව, NDB සමූහයේ මව් සමාගම වේ. ශ‍්‍රී ලංකාවේ එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය, NDB හි සියලූම සමූහ සමාගම් පිරිනමන නිෂ්පාදන සහ සේවා සඳහා පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව ප‍්‍රවේශ වීමට ඉඩහසර සැලසීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළේ වර්ධනයට සහ සංවර්ධනයට සහය වෙමින් කටයුතු කිරීමේ සුවිශේෂී භූමිකාවක නිරතව සිටියි.

    NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සමඟ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ අංශයේ ලේකම් වෛද්‍ය ලක්මිණි මෙන්ඩිස් සහ රන්ජන් දන්දෙණිය මහතා

    NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සමඟ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලයෙහි සභාපති චාලක ගජබාහු මහතා

     

    ඡායාරූප:NDB බැංකුව නියෝජනය කරමින් සහභාගී වූ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ ප‍්‍රමුඛතා බැංකුකරණ අංශ ප‍්‍රධානි ගිහාන් පුංචිහේවා මහතා